මිලියන 63ක හෙරොයින් මාදිවල. 
                                                       
  රුපියල් මිලියන 63ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 9ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මාදිවෙල ප‍්‍රදේශයේදී ඊයේ (14) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී හෙරොයින් තොගය ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙලි වූ තොරතුරුවලට අනුව වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.

මේ අතර, පසුගිය දා බියගම - කැළණිය ප‍්‍රධාන මාර්ගයේදී හෙරොයින් කිලෝග‍්‍රෑම් 85 ක් සමඟ දෙමළ ජාතික සහෝදරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මෙම හෙරොයින් තොගයේ වටිනාකම දැක්වුණේ රුපියල් 68 කෝටි 31 ලක්ෂ 65,000ක් ලෙසයි.

පසුගිය කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් මත්කුඩු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව මේ වන විට පොලීසිය විසින් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම මෙහෙය වන ප‍්‍රධාන ජාවාරම්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Comments