රහතන් වහන්සේ වැඩමවා වදාළයි කියනා මං සොයා ගිය ගමන



මේ තිලෝ අමා මෑ‚ වූ සම්මා සම්බුදු රදුන්ගේ පා පහසින් අතිශය පාරිශුද්ධත්වයට පත් බිමයි. බුදු සසුන ගෙන අනුබුදු මිහිඳු හිමි වැඩි බිමයි.දුරාතීතයේ මේ බිම කහ සිවුරෙන් බැබළුණා වූ බිමකි. එදවස අනුරාධපුර අහසින් වඩිනා රහතුන් වහන්සේ නිසා තල මාගලක් වේළාගන්නට තරම්වත් හිරු එළිය පොළොවට නොවැටුණා යැයි ජනප්‍රවාද කියයි. එදවස සේම මෙදවස මේ බිම පුණ්‍යවන්ත බිමකි. භාග්‍යවන්ත බිමකි.

 පසුගිය දිනෙක හමුවුණායි කියනා රහතන් වහන්සේගේ කතාව අනුරාධපුර පූජා භූමියේ අස්සක් මුල්ලක් නෑරම පැතිර තිබේ. සමහරු මේ කතාව සත්‍යකැයි කියයි. මේ අසිරිමත් සිදුවීමකැයි අදහසයි. සමහරු මේ මිථ්‍යාවකැයි කියයි. අවිද්‍යාවකැයි කියයි. නමුත් අප දන්නා පරිදි ලෝකයේ විද්‍යාවට හසු නොවන අවිද්‍යා නොවන බොහෝ දේ තිබේ. ඒ නිසාම රහතන් වහන්සේ වැඩමවා වදාළයි කියනා මං සොයා ආවෙමු. මෙතැන් සිට ඔබ කියවන්නේ ඒ කතාවයි. අපහසුවෙන් මඟ අසාගෙන අපි නිවැරැදි ඉසව්වවට පැමි‚යෙමු.

රහතන් වහන්සේ මුණගැසුණු බවට මුලින්ම හෙළිදරව් කරනා පුද්ගලයා අපට මුණගැසේ. ඔහු එස්. ඒ. ඩී. චන්දික නිලන්ත සමරතුංග, වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. තරුණයෙකි. දෙදරු පියෙකි. නමුත් කිසිවකුට නොගැළපෙනා තරමට තැන්පත්ය. ඔහු තමන් මුහුණ දුන් අත්දැකීම ගැන කියන්නේ මෙසේය.

ඔය දවසෙ මම අම්මට ඛෙහෙත් වගයක් දාන්න ඕන. නිසා වැඩට යන්න පරක්කු වුණා. මම ගෙදරින් එළියට තියෙන කොටසෙ වාඩිවෙලා හිටියෙ. එතකොට මගෙ බිරිය කිව්ව අන්න හාමුදුරු කෙනෙක් පි~ුසිඟා වඩිනව අපිත් දානෙ ටිකක් දෙමු කියල. හැබැයි හාමුදුරුවො වට පිට නොබලම වැඩිය.


අපි කළේ ඉක්මනින් දානෙ ඛෙදාගෙන ගියා. අපිට දානෙ ලෑස්ති කරන්න විනාඩියක් දෙකක් යන්නෙ ඇත්තෙ. අපිට උන්වහන්සේව මුණගැහුණ. මම අපේ හාමුදුරුවනේ කියලා කතා කළා. හාමුදුරුවො නතර වුණා. ඒත් අපි දිහා බැලූ‍වෙ නෑ. ඒ යමින් උන්න විදියටම නතර වුණා. උන්වහන්සේගෙ බැල්ම තිබුණෙ බිමට. ඒ පෙනුම ගැන නම් හිතාගන්න බෑ. හරිම ලස්සනයි. දෙකකුල්වල ඉඳල හිස දක්වාම එහෙමයි. උන්වහන්සේට වැඩි වයසක් නැති විත්තිය හොඳටම පෙනුණ. මේ නිසාම මට උන්වහන්සේත් එක්ක කතා කරන්නම හිතුණ. මම ඇහුව ඔබ වහන්සෙ කොයි පළාතකද කියල. උන්වහන්සේ කිව්ව රිටිගල පැත්තෙ කියල රිටිගල තියෙන්නෙ මේ හරියේ ඉඳල කිලෝ මීටර් තිහකට හතළිහකට එහා. ඒ නිසා මම ඇහුව.


ඔබ වහන්සේ මේ දවස්වල වැඩවාසය කරන්නෙ කොහෙද? කියල. ඒක දන්නෙ නෑ කියල උන්වහන්සේ උත්තර දුන්න.

එතකොට ඔබ වහන්සෙව මුණගැහෙන්නෙ කොහොමද? කියල ඇහුව.
මාව දැක ගන්න අපහසුයි කියල කිව්ව. ඒ වෙලාවෙ තවත් කිහිප දෙනෙක්ම දන් පිළිගන්වන්න ආව. එක්කෙනෙක් සබන් කැටයක් ගෙනාව. තවත් කෙනෙක් දත් බුරුසුවක් ගෙනාව. ඒ අතර තවත් කෙනෙක් පාරෙ යමින් ඉඳල වඩේ දෙකක් පිළිගැන්නුව.

ඔහු එසේ කියනා අතර අපට නැගෙන ප්‍රශ්න කීපයකි.
ඉතිං ඇයි ඒ හාමුදුරුවො රහතන් වහන්සේ කෙනෙක් කියල හිතුවෙ?
මට ඒ හාමුදුරුවො දැකපු ගමන් වෙනසක් දැනුණ. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ. දානෙ පිළිගන්වල ගෙදරට ආපු ගමන්ම මට හිතුණ ආපහු යන්න ආයෙමත් හාමුදුරුවන්ව බලන්න. මම ගියෙ ත්‍රීවීල් එකේමයි. එතකොට මම දැක්ක උන්වහන්සේ මගෙ ඉස්සරහින් වැඩම කරනව. ඒත් ඇහිපිල්ලමක් ගහන පමාවෙන්, හාමුදුරුවො නොපෙනී ගියා. ඒක වුණේ කොහොමද කියල විස්තර කරන්න මට බෑ. ඒත් හාමුදුරුවො නොපෙනී ගියා. මම ත්‍රීවීල් එකෙන් පාරෙ ඉස්සරහටම ගියා. කිලෝ මීටරයකට ආසන්න දුරක් තියෙනව එතැන ඉඳල පාරට වැටෙන්න. ඒ අතරමඟ උන්වහන්සේ හිටියේ නෑ. අඩුම තරමෙ උන්වහන්සේව දැකපු කෙනෙක්වත් හිටියෙ නෑ.

මම සෑහෙන වෙලාවක් ඔය විදියට උන්වහන්සෙව හෙව්වා. කිසිම අතුරු පාරක උන්වහන්සේ හිටියේ නෑ. ඒ අතරමඟ අය ඒ විදියේ හාමුදුරු කෙනෙක්ව දැකලවත් නෑ. මට හොඳටම විශ්වාසයි උන්වහන්සේ ඇසි පිය ගහන පමාවෙන් අතුරුදන් වුණා.


මම ඊළඟට හිතුවා දැන් මේ හාමුදුරුවෝ කොතැන හරි ඉඳන් දානෙ වළඳන්න ඕනනෙ.
එහෙම සුදුසුම තැන් කීපයක්ම අපේ ගමේ තියෙනවා. එක තැනක් පන්සල. තව අපේ ගමට කිට්ටුව තියෙන භික්‍ෂු විශ්වවිද්‍යාලය. මේ තැන් දෙකේම උන්වහන්සෙ හිටියෙ නෑ. මම භික්‍ෂු විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අංශයේ අයගෙනුත් ඇහුවා. මම දැක්ක විදියේ හාමුදුරු කෙනෙක් ගැන ඒත් කවුරුවත්ම දැකලා තිබුණෙ නෑ...˜‍
එය සත්‍යයක්ද අසත්‍යයක්ද කියා මැන බැලීමේ නිදහස ඔබට තිබේ. අපි ඔහු කියූ පම‚න් විශ්වාස නොකරමු. ඔබද අපි කියූ පම‚න්ම විශ්වාස කළ යුතු නැත. ඒ නිසාම අපි මේ ගැන තවදුරටත් සොයන්නට වීමු. මේ භික්‍ෂුන් වහන්සේට දන් පිළිගැන් වූ බවට කියන තවත් පිරිසක් අපිට මුණගැසෙයි.
ඔහු ඒ. එම්. වීරසිංහ බණ්ඩාර මහතාය. මේ ඔහු දුටු පැවිදි රුව ගැන කියනා කතාවයි.


˜‍ඇත්තයි මම නම් ජීවිතේ කවමදාකවත් ඒ වගේ රූපයක් දැකලා නෑ. උන්වහන්සේ අපි කාගෙවත් දිහා බැලූ‍වේ නෑ. බඹයක් විතර ඈත බලාගෙන හිටියා. ඒ හාමුදුරුවෝ හරිම ලස්සනයි. සුදුයි. සෙරෙප්පු දෙකක්වත් දාලා තිබුණෙ නෑ. ගිනි අව්වේ වුණත් කුඩයක් තිබුණෙත් නෑ. ඒ දෙපා දිහා මම හොඳින් බැලූ‍වා. මේ මහපොළොව, සෙරෙප්පු දෙකක්වත් නැතුව ඇවිද්ද කෙනෙක්ගෙ කකුල් දෙකද මේ කියලා හිතන්නවත් බෑ. ඒ කකුල් දෙක බින්දුවක්වත් කිළිටි වෙලා නෑ. හරියට චිත්‍රයක් වගේ. මට ඒක නම් හොඳටම මතකයි...˜‍
ඔහු කියන්නේ එහෙම කතාවකි. පුදුමය එය නොවේ. මුලින් කතා කළ කෙනාත් දෙවැන්නාත් අතර අප දන්නා පරිදි කිසිම සම්බන්ධයක් නැත. ඔවුන් එකට කතා වී
˜‍අපි බොරුවක් කියමු...˜‍ යැයි සැලසුම් කරන්නට ඇතැයි සිතයි නම් එය විහිළුවකි. අපි අනුරාධපුරයට ගියේ අහසින් කඩාපාත් වූ සේය. අපි ඔවුන් මුණ ගැසෙන්නේ අනපේක්‍ෂිත ලෙසය. එහෙම නම් මේ කතාව කල්පිතයක් විය නොහැකිය.

තුන් වැන්නිය ලෙස අප කතා කරන්නේ වී. ආර්. අනෝෂා සමඟය. රහතන් වහන්සේව මුලින්ම දකින්නේ ඇයයි.
˜‍මම දැක්ක උන්වහන්සේ අපේ ගේ පහු කරගෙන වඩිනවා. පුදුම ශාන්ත පෙනුමක් තිබුණෙ. වටපිට බැලූ‍වේ නෑ. සිවුර ගුරු පාටයි. ඇඳලා තිබුණෙ ටිකක් කොටට... මට තේරුණා උන්වහන්සෙ පි~ුසිඟා වඩිනවා කියලා. ඒත් සමහර විටෙක උන්වහන්සේගෙ පාත්තරය පිරිලා තියෙන්න ඇති. උන්වහන්සේ නොනැවතීම වැඩම කළා...˜‍
ඒ පළමු දිනයයි. පසුදාද මේ ස්වාමීන් වහන්සේ ශ්‍රාවස්තිපුර ගම් නියම්ගම්හි සැරිසැරූ වගට සාක්‍ෂි හමුවේ. ඒ ගැන අපිට කියන්නේ චමින්ද පුෂ්පකුමාර මහතාය. ඔහු උන්වහන්සේගෙන් බණ අසන්නට පින් කළ කෙනෙකි.

˜‍උන්වහන්සේ පාරේ වැඩම කරමින් හිටියෙ. මම උන්වහන්සේ ළඟට ගියා. ඒත් උන්වහන්සේ මාව දැක්කෙම නෑ. හැරිලා බැලූ‍වෙත් නෑ. ඒත් උන්වහන්සේ නතර වුණා. ඒක වුණේ කොහොමද කියලා කියන්න මම දන්නෙ නෑ...

මම උන්වහන්සෙට කාරණාව කිව්වා හාමුදුරුවනේ අපේ ගෙදරට වැඩම කරන්න කිව්වා. උන්වහන්සේ කෙළින්ම මගේ වාහනේ ළඟට ආවා. කතා කළේ නෑ. මූණෙ හිනාවක් තිබුණා. මම මුලින්ම දැකපු මොහොත ඉඳලා දිගටම ඒ මන්දස්මිතය තිබුණා. හාමුදුරුවෝ ඇවිත් වාහනේ ළඟ නතර වුණා. මම ‍දොර ඇරියා. උන්වහන්සේ වාහනේට නැග්ගා. මම ම ‍දොරත් වැහුවා. ගෙදරට ගිහින් වාහනය නතර කළා. උන්වහන්සේ වාහනයෙන් බැස්සෙ නෑ. මම ගෙදර ගිහින් කකුල් හෝදන්න වතුර ගෙනත් උන්වහන්සේ හිටි පැත්තෙ ‍දොර ඇරියා. අපේ ගේ ඉස්සරහ ලොකු මඩ ගොඩක් තියෙනවා. උන්වහන්සේ ඒ මඩ ගොඩෙන් ආවා. චිරි චිරි ගාන මඩ. ඒත් උන්වහන්සේට ගාණක්වත් තිබුණෙ නෑ... මම මයි කකුල් හේදුවේ. ඒත් ඒ කකුල්වල මඩ බින්දුවක්වත් තිබුණෙ නෑ. මඩ ගොඩෙත් පා සටහන් තිබුණෙ නෑ...˜‍

ඒ ළඟට උන්වහන්සෙ වාඩි වුණා. අපි සුදු රෙද්දක් දාලා පුටුවක් සූදානම් කරලත් තිබුණා. මම දානෙ ඛෙදුවා. හාල්මැස්සෝ එක අරගෙන එනකොට හාමුදුරුවෝ අතින් පාත්තරේ වැහුවා. මට හිතාගන්න බැරි කොහොමද හාමුදුරුවෝ ඒක දන්නෙ. දැක්කෙත් නෑ. හැරිලවත් බැලූ‍වෙත් නෑ.

උන්වහන්සේ දන් වැළඳුව පුදුම ශාන්ත විදියකට. අත්වල ඇඟිලි තුඩුවල විතරයි ඉඳුල් ගෑවුණේ. දන් ඛෙදුවම ඒ කෑම ඔක්කොම එකට අනලයි වැළඳුවෙ. දන් වළඳලා ඉවර වෙලා. දැහැත් විට පිළිගැන්නුවා. උන්වහන්සෙ කෙළ ගහන්න පඩික්කමක් ඉල්ලූ‍වා. අපේ ගෙදර පඩික්කමක් නෑ. හොදි ඛෙදන්න ගන්න දීසියක් ගෙනාවා. ඒකත් හාමුදුරුවෝ දැක්කෙ නෑ. ඒත් ˜‍ඔය භාජනයට සිලි කවරයක් වගේ දෙයක් දාමු˜‍ කියලා කිව්වා.
ඊළඟට උන්වහන්සේ පුංචි බණක් දේශනා කළා. ඒ බණ හරි සරලයි. වැල් වටාරම් නෑ.

˜‍පින් කරන්න ලොකු පන්සල්වලට යන්න ඕන නෑ. ලොකු තැන් ඕන නෑ. ලොකු ප්‍රශ්නයක් වුණොත් තනිව හිතන්න. ඒ ප්‍රශ්නය ගැන මෙනෙහි කරන්න. ලැඛෙන කිසිම සතුටක් ලොකු සතුටක් කරගන්න එපා. දුකකුත් එහෙමයි. සියල්ල අත්හරින්න. කිසි දෙයක් වැලඳගන්න එපා...˜‍
උන්වහන්සේ ආපහු මගේ වාහනේට වැඩම කළා... පාර පනිනකොටවත් වට පිට බැලූ‍වේ නෑ. මහ ගොඩක් වාහන එන පාරක්... ඒත් හාමුදුරුවෝ වාහන නැති මොහොත වටපිට නොබලාම දැන ගත්තා...˜‍
මම වාහනේ හරවගෙන එනකොට හාමුදුරුවෝ පෙනෙන්න හිටියෙ නෑ...˜‍

උන්වහන්සේගේ නිවී සැනහුණා වූ පෙනුමත්, ශාන්ත ගමනත්, දුටු දුටුවන් පුදුම කර තිබේ. දන් දුන් බණ ඇසූ මිනිසුන් එක මොහොතකින් පැහැදී තිබේ. එවන් පෙනුමක්, එවන් දැමුණු ඉඳුරන්, එවන් සන්සුන් ගමනක් සහිත උන්වහන්සේ කවුද?

රිටිගල කන්දේ වන සෙනසුනක, හරිත පෑ වියන යට, තුරු ගොමු සිසිලේ, ගී කියනා විහඟ=‍න් පමණක් දන්නා රහස් තිබිය නොහැකිද? උන්වහන්සේ ඒ තුරුගොමුව තුළ අද මේ මොහොතේත් දැහැනකට සම වැදී වැඩ වාසය කරනවා විය හැකිය. උන්වහන්සේට මෙලොව කිසිම සම්බන්ධයක් අවශ්‍ය නැත. සමහර විටෙක උන්වහන්සේ යළි දිනෙක, අනුරාධපුර ගම් නියම්ගම්හි සැරිසරනු ඇත. නැත්නම් වෙනත් තැනෙක, රටේ වෙනත් තැනෙක ලෝකයේ වෙනත් රටක, නැත්නම් වෙනත් සක්වළක විය හැකිය. ඒ කවදාද කෙදිනද අපි නොදනිමු. අනේ හිමියනි වඩිනු මැනවි යළි කියන්නට පමණක් අපට හැකිය. මංමුළා මිනිස් වගට, හරි මං සොයා දෙන්නට දැන් කාලය උදාවී ඇත.

පූර්වාපර සිද්ධි ගැළපීම
තිලෝ අමාමෑණීවූ සම්මා සම්බුදු රජුන් බුදු බව ලබා ගම් නියම්ගම්හි සරණා විටද මෙසේ මිනිසුන් දන් දෙන්නට ඇත. බණ අසන්නටත් ඇත. මෙසේම පැහැදෙන්නට ඇත. සමහර විට ඒ ගැන මුලින්ම කියනා විට මිනිසුන් එය බොරුවකැයි කියන්නටද ඇත. නමුත් පසු කලෙක ඒ සියලූ‍ සත්‍යය ලොවට වැටහේ. එදවස අපද මෙලෙස උන්වහන්සේ දුටු මිනිසුන් සොයා ගියා විය නොහැකිද? සමහර විටෙක මේ ලිපිය කියවන ඔබද අද සේම ඒ ගැන අසා පුදුම වන්නට ඇත. නමුත් ඔබත් අපත් තවමත් සසර මේ දුරු කතර අතරමංව සිටිමු.