එකම පවුලේ මව සහ දියණිය කෙලෙසූ සැකකරුවෙකු දැලේ

එකම පවුලේ මව සහ දියණිය දූෂණය කළේ යැයි සැකපිට 29 හැවිරිදි පුද්ගලයෙකු යක්කලමුල්ල කරාගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දූෂණයට ලක් වූ මව 54වන වියේ ද, දියණිය 17වන වියේද පසුවන බවයි පොලිසිය පවසන්නේ. නිවසේ ඉඩකඩ නොමැති වීම නිසා ඔවුන් දෙදෙනා විහාරස්ථානයකට පැමිණ තිබෙනවා. එහිදී තම නිවසේ නවාතැන් දිය හැකි බව පවසමින් සැකකරු ඔවුන් තම නිවසට කැටුව ගොස් ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් වන්නේ. අදාළ අපරාධය සිදුව ඇත්තේ ද එම නිවසේදී බව විමර්ශනවලින් හෙළි වුණා. 

Comments