අමාත්‍යාංශ ලේකම්ගේ පුතා තරුණියකගේ පියයුරු මිරිකා පැනයයි

බත්තරමුල්ල 2000ප්ලාසා සුඛෝපභෝගී  මහල් නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය තුළදී තරුණියකගේ පියයුරු මිරිකා අතවර කිරීමට උත්සහ ගැනීමක් සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම පැමිණිල්ල කර තිඛෙන්නේ ජැට් හෝල්ඩින්ග්ස් ආයතනයේ හිමිකරු වන ඊලින් ගුණවර්ධන මහතාගේ දියණිය වන අනිතා ගුණවර්ධන විසිනි.

පොලිසිය විදුලි සෝපානයේ සීසීටීවී දර්ශන ලබාගැනීමෙන් අනතුරුව සැකකරු මහාමාර්ග. වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු වන ආර්. ඩබ්. ආර්. ප්‍රේමසිරි මහතාගේ පුතු වන රිද්ම තරංග බවට හදුනාගෙන ඇත.



පොලිසිය පවසන්නේ ඔහු මේ වනවිට නිවසේ නොමැති බවත් සැකකරු සොයා පොලිස් පරීක්ෂණ දිගටම කි‍්‍රයාත්මක වන බවත්ය.

මහාමාර්ග. වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු වන ආර්. ඩබ්. ආර්. පේමසිරි මහතා තම පුතුට එරෙහිව ඇති පැමිණිල්ල යට ගැසීමට තම බලය භාවිතා කරමින් පොලිසියට බලපෑම් කරන බවටද තොරතුරු වාර්තා වේ.


Comments