අල්-කයිඩා ඉන්දියාවට පැමිණීම කෙසේ බලපායිද?
අල්කයිඩා නායක අය්මන් අල් - සZව්හරී ඉකුත් බදාදා දිනයේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ ඉස්ලාමීය නීතිය ව්‍යාප්ත කරමින් ‘‘ජිහාඩ් කොඩියක් ඔසවනු පිණිස“තම සන්නද්ධ ව්‍යාපාරයේ ඉන්දියානු ශාඛාවක් පිහිටුවීමට ක්‍රියාකරන බවයි. අල්කයිඩා නායකයාගේ ප්‍රකාශය ඇතුළත් මිනිත්තු 55 ක් වන වීඩියෝව මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. අල්කයිඩා නායකත්වයෙන් යුතු පාර-ජාතික ඉස්ලාමීය රාජ්‍යයට අභියෝගයක් ලෙස යම් යම් මතභේද සමග ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය ක්‍රියාත්මක විය. එසේ වුවද ඇෆ්ගනිස්ථාන තලේබාන් නායක මුල්ලාහ් ඕමාර් සමග පෙර පැවති චිරාගත බැඳම නැවත අලුත්කර ගැනීමටද කටයුතු කළ බව මෙම වීඩියෝවෙන් ඔහු ප්‍රකාශ කරයි.
අල් සZව්හරී තම සන්නද්ධ ව්‍යාපාරයේ ඉන්දියානු ආකෘතිය ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ එය මියෙන්මාරය,බංග්ලාදේශය,ඇසෑමය,ගුජරාටය,ආහමද්බාද් සහ කාශ්මීරය යන පෙදෙස්වල ජීවත්වන මුස්ලිම් ජනතාවට සුබාරංචි දනවන “ඉන්දීය උප මහද්වීපික අල්කයිඩා“වක් වන බවයි. එය මෙම පෙදෙස්වල දිවිගෙවන බලවත් පිඩාවට හා අසාධාරණයට පත් ජනතාවට අලුත් පියාපත් ලැබීමක් වන බවද හෙතෙම කියා සිටියි. අල්කයිඩා සංවිධානයේ ඇවෑමෙන් කැරලිකාර නායකයින් ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් කරමින් සිටින බවත්, ඉරාක-සිරියානු දේශසීමාවේ ඊසාන දිග සිරියාවේ ස්ථාපිත ඉස්ලාම් රාජ්‍යය තරුණ අනුගාමිකයින්ට දිරියක් හා ආදර්ශයක් සපයන බවත් ඔහු සඳහන් කර තිබේ. එකී ඉස්ලාමීය රාජ්‍යයේ නායක අබුබක්ර් අල් - බග්ඩෑඩි තමාව හඳුන්වා ගනු ලබන්නේ ලොව සියලුම මුස්ලිම්වරුන්ට පක්ෂපාතීව පෙනී සිටින,“ඛලීෆ් වරයෙකු“ ලෙසයි. මේවන විට දැවැන්ත මිනිස් සංහාරයක් සිදුව ඇති සිරියාවට 2013 වසරේදී අල් - සZව්හරී විසින්ද කැරලිකාර කණ්ඩායමක් පිටත් කර හැර ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් ඉස්ලාමීය රාජ්‍ය වක්‍රව හෝ පිළිනොගන්නා ඉන්දියානු නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිට අය්මන් අල් - සZව්හරීගේ ප්‍රකාශය අභියෝගයකි. ඉන්දියාවේ අතිබහුතරයක් වන හින්දු ජනතාවගෙන් එරට වෙසෙන සුළුතර මුස්ලිම් ජාතීන්ට සිදුවන ගැහැට හා අකටයුතුකම් පිළිබඳ නරේන්ද්‍ර මෝඩි දක්වන නිහඬ පිළිවෙත හේතුවෙන් එය වඩාත් තීරණාත්මක වන බව පැහැදිලිය. අල්කයිඩා සංවිධානයේ ස්වදේශික භූමිය වන ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන දේශසීමා මායිම තුළ එම සංවිධානයේ පිරිස් බලය මෙන්ම බලපෑම ශක්තිමත් වුවද එය සෙසු ප්‍රාදේශීය තලයන්හි මේවන තුරු දැඩි බලපෑම් සහගතවන බවක් පෙන්නුම් නොකරයි.එහෙත් සිදුවිය හැක්කේ කුමක්ද යන්න පිළිබඳ කිසිවෙකුටත් අනාවැකි පළකිරීම අසීරුය
Comments