තෙල් සංස්ථාවේ අනංගයා "මහ පාරේ කම්සැප විදලා"
නෞකාවලින් ගෙන එන බොරතෙල් ඇතුළු ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවට සහ ගබඩාවලට ගෙන යන නල පද්ධතියට හානි සිදුවී ඉන්ධන ගොඩබෑම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් උද්ගතව තිබියදීත් ඒ ගැන නිසි තැකීමක් නොමැති ඛනිජ තෙල් බලධාරියෙක් තම සුඛෝපභෝගී මෝටර් රථයේ කාන්තාවක් සමග කම්සැප විදිමින් සිටියදී පොලිසියට හසුවී ඇත.
ජා- ඇලත් සීදූවත් අතර ප්රදේශයේ අතුරු මාර්ගයක් අයිනේ තම මෝටර් රථය නතර කරගෙන කාන්තාවක් සමග කම්සැප විදිමින් සිටි එම නිළධාරියා පොලිසියෙන් බේරී ඇත්තේ වැද වැටී බව ආරංචි මාර්ග අනාවරණය කළේය.
මෙම නිලධාරියා පසුගිය කාලයේ ඛනිජ තෙල් සංස්ථාවේ මුදලින් කාන්තාවන්ද රැගෙන පිට රට සවාරි පවා ගොස් ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
Comments