Skip to main content
බ්‍රිතාන්‍යයේ හීත්රෝ ගුවන් තොටුපළේ සිට ලංකාවට පියාසර කරමින් සිටියදී බ්‍රිතාන්‍ය ජාතික තරුණියක ලිංගික අපයෝජනයට ලක්කළ ශ්‍රී ලාංකික පුද්ගලයා ඊයේ අධිකරණයේ පෙනී සිටියා.
සති තුනක සංචාරයක් සදහා ලංකාවට පැමිණෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික 27 හැවිරිදි තරුණ වෛද්‍යවරියක මේ ආකාරයට අතවරයට ලක්ව ඇත්තේ ඇය ඇගේ පෙම්වතා සමග තද නින්දේ
ගුවන් යානයේ ගමන් කරන අතරවාරයේය. මෙම පුද්ගලයාට දකුණු පසින් තරුණිය සිට ඇති අතර තද නින්දේ සිටි ඇයගේ කකුල් එහා මෙහාවී තිඛෙන අවස්ථාවේ මොහු ඇගේ වම් කකුලක් මොහුගේ කකුල් දෙක අතරට දාගෙන ඇගේ කලවා ප්‍රදේශයේ ලිංගික අපයෝජනයක් සිදු කරන්නට උත්සාහ ගෙන ඇත.
තමන්ට අනපේක්ෂිත දෙයක් සිදුවන බවට ස්පර්ශයෙන් හඳුනාගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව තද නින්දෙන් අවදිවූ අවස්ථාවේ තමන්ගේ පාදය ඇදගෙන සිටින පුද්ගලයා පහත්පෙළේ ක්‍රියාවක නිරතව සිටින බව දැක කෑගසා ඇත. එම අවස්ථාවේ ඇය සමග සිටි වෛද්‍යවරයෙකුවූ පෙම්වතාද කලබලවී ඇති අතර පසුව ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද ප්‍රශ්නයට මැදිහත්ව මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකට මාරු කර ඇත.
ගුවන් යානය කොළඹට ගොඩබැස්වූ පසු අදාළ පුද්ගලයා පොලිසියට භාරදීමට නිලධාරීන් කටයුතු කර තිබුණා.
සංකර් පිල්ලෙයි අත්පලගන් නමැති සැකකරු හතලිස් එක් හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු මඩකලපුව ප්‍රදේශයේ උපන් අයෙකි. ඔහු කුඩා කල බ්‍රිතාන්‍යයට ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබා ඇති අතර එරට මැක්ඩොනල්ඩ් අවන්හලක සේවකයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි.
මෙරටට පැමිණ ඇත්තේ ඥාතියෙකුගේ අවමගුලකට සහභාගීවන්නට යයි පොලිසියට පවසා ඇත.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 504 දරණ ගුවන් යානයෙන් එද්දී පසුගිය 18 වනදා සවස මෙම අතවර සිද්ධිය වාර්තා විය.
ඊයේ මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 10000 ක මුදල් ඇප අධිකරණයෙන් නියම කර ඇප මත නිදහස් කළ අතර යළි 28 වනදා වැඩිදුර විභාගය සඳහා පෙනී සිටින ලෙස දන්වනු ලැබීය.
Comments