අතුරුදන් වූ MH370 යානයේ සුන්බුන් ඉන්දීය සාගරයෙන් හමුවෙයි

පසුගිය මාර්තු 8 වනදා අතුරදන් වූ MH370 ගුවන් යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගර පතුලේ තිබී හමුවී ඇත. මෙම සුන්බුන් කොටස් සොයාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාව මූලිකත්වයෙන් මෙහෙය වූ විමර්ශණ කණ්ඩායමක් විසිනි.
මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ, අතුරුදන් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන Joint Agency Coordination Centre (JACC) මේ වන විට හමු වූ කොටස් සම්බන්ධයෙන් විශ්ලේශනයක නිරතව සිටින බව ය.
ඉන්දියන් සාගර පත්ලේ තිබී සොයා ගෙන ඇති මෙම ඝන කොටස් අතුරුදන් මැලේසියානු යානයේ ම ද එසේ ත් නැතහොත් රොකට්ටුවක ද ඒවා දැයි නිශ්චය කර ගැනීමට තවදුරටත් විමර්ශන පවත්වන බව ද ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇත.
සොයා ගන්නා ලද සුන්බුන් කොටස් ගොඩබිමට ගෙන ඒම සඳහා “Go Phoenix” නෞකාව අදාළ ප්‍රදේශයට යැවීමට නියමිත අතර එම යානය සැප්තැම්බර් 21 වන දා යළි පර්ත් වෙත පැමිණීමට නියමිත ය.
මෙතෙක් ඉතිහාසයේ අතුරුදන් වූ ගුවන් යානයක් සෙවීමට වෙනුවෙන් සිදුකල පුළුල්තම විමර්ශණය සිදු කෙරුනේ MH370 ගුවන් යානය අතුරුදන් වීම සම්බන්ධයෙනුයි.

Comments