තවත් මිනිත්තු 6කින් අපි හැමෝ ම මුහුදට වැටී විනාශ වේවි – ගුවන් නියමුවෙකු උඩුගුවනේදී හඬමින් කියයි

තවත් මිනිත්තු 6ක කාලයකදී ගුවන් යානය මුහුදට කඩා වැටෙනු ඇතැයි බියට පත්ව හඬමින් සිය ගුවන් මගීන්ට දැනුම් දුන් නියමුවෙකු පිළිබඳ පුවතක් ඉතාලියෙන් වාර්තා වේ.

Europe Airpost ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය ක්‍රොඒෂියාවේ සිට ප්‍රංශය දක්වා පියාසර කරමින් තිබියදී මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

අදාළ යානය උඩු ගුවනේ පියාසර කරමින් තිබියදී එහි එක් එන්ජිමක් ක්‍රියා විරහිත වී ඇතැයි නියමුවාට දැනගන්නට ලැබී ඇත.

මුලින් ඔහු පවසා ඇත්තේ, හදිසි ගොඩ බැස්වීමක් කිරීමට සිදුවන හෙයින් ඉතාලියේ වෙනිස් නුවර දැක බලා ගැනීමට ගුවන් මගීන්ට හැකි වනු ඇතැයි එම නියමුවා හාස්‍යයෙන් යුතුව දැනුම් දී තිබේ.

එහෙත්, පසුව ඔහු එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳව පසුව දැඩිව බියට පත්වී කඳුළු සලමින් මගීන්ට පවසා ඇත්තේ, තවත් මිනිත්තු 6කින් ගුවන් යානය මුහුදට කඩා වැටෙන බව ය.

එය ඇසූ ගුවන් මගීන් පාලනය කරගත නොහැකි ආකාරයට බියට පත්ව කෑගැසීමට පටන් ගෙන තිබේ.

කෙසේ වෙතත්, එම ගුවන් යානය නිරූපද්‍රිතව ඉතාලියේ වෙනිස් නුවර ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට නියමුවා සමත් වීම හේතුවෙන් සිය ගණනකගේ ජීවිත ආරක්ෂා විය.

SOURCE: Metro news

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Comments