Skip to main content
ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාසලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීමේ සිදුවීමක් පිළිබදව තොරතුරු වාර්තා වෙයි.
ව්‍යාජ නම් සහිතව ෆේස්බුක් හි පෙනී සිටි මෙම දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂන පවත්වන බව ද වාර්තාවේ.මොවුන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු බවට මේ වන විට හෙළි වී ඇත.
ඔවුන් දෙදෙනා ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී ඇත. පසුව දෙදෙනා කෙටි පණිවුඩ හුවමාරු කර ගනිමින් සමීප සබඳතාවක් ගොඩනගා ගෙන ඇත. ඒ වන විටත් ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගෙන නැත.
පසුව දෙදෙනා කොළඹ එක්තරා ස්ථානයකදී හමුවීමට තීරණය කර ඇත.එලෙස හමුවූ අවස්ථාවේදී දෙදෙනා හඳුනාගෙන ඇත. ඇය ගුරුවරිය බවත් තරුණයා පාසලේ ශිෂ්‍යයකු බවත් මෙහිදී අනාවරණය වී ඇත.
පසුව මේ ගැටලුව සම්බන්ධයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාල ගුරුවරිය විසින් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ අරඹා තිබේ.
ව්‍යාජ නම් සහ ව්‍යාජ දත්ත වලින් ෆේස් බුක් ගිණුම් සැකසීම මේ වනවටි ෆේස්බුක් ආයතනයටත් වළක්වා ගත නොහැකි තත්වයක් වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් සිය ග්රහාක සංඛ්‍යාව අඩු කර ගැනීමට ෆේස් බුක් ආයතනය දක්වන අකමැත්ත නිසා අකමැත්තෙන් හෝ ව්‍යාජ ගිණුම් සැකසීමට තවදුරටත් අවස්ථාව හිමිව තිබේ.
මෙම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් යොදා ගනිමින් ශ්‍රිලංකාවේද අපරාධ රැසක් සිදුවු ුතර මේ වනවිට ශ්‍රිලංකා පොලිසිය මෙම ව්‍යාජ ගිණුම් සදහ ෆේස් බුක් අපරාධ සම්බන්දයෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ.
Comments