පිරිමින්ට උපත් පාලන එන්නතක්

පළමු වරට පිරිමින් හට උපත්පාලන එන්නතක් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. මිලෙන් අඩු නැවත වෙනස් කළ හැකි වුව ද දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි මේ එන්නත ශුක්‍ර නාලයට ඇතුළු කිරීමෙන් උපත් පාලනය සිදුවන බව පැවසේ. පර්යේෂකයන් පවසන්නේ මේ එන්නත ලබාදීමෙන් ශුක්‍ර මාර්ගය අවහිර වීමක් සිදුවන බවයි. අදාල එන්නත පිරිමි බැබුන් තිදෙනකුට ලබා දී ඇති අතර ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ ගැහැණ්‍ර බැබුන් 15 දෙනකු පමණ මාස හයක කාලයක් ගත වුව ද ගැබ් ගෙන නැතැයි වාර්තා වේ. මේ එන්නත ලබා දීමෙන් පසු යම් පිරිමියකුට උපත්පාලනය අනවශ්‍යයැයි හැඟී යන්නේ නම් යළි බහුඅවයවකාරක වෙනත් ජෙල් වර්ගයක් ලබාදීමෙන් යළි ප්‍රකෘත්ති තත්ත්වයට ගැනීමේ හැකියාව ඇති බවද වාර්තා වේ. මෙම ඖෂධය පිලිබඳව මිනිස් අත්හදා බැලීමේ කටයුතු 2015 ආරම්භයේදි ආරම්භ කිරීමට නියමිතය. සියළුම කටයුතු හොඳින් ක්‍රියාත්මක වුවහොත් මේ ඖෂධය 2016 - 2017 ත් අතර කාලයේ දී වෙළෙඳ පොළට නිකුත් කිරීමට හැකියාව ඇති බවද පැවසේ.

Comments