Skip to main content
තණ්හා රති රඟා රූගත කරද්දී සිදු වූ අපූරු සිදුවීම්
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, සහ නාමල් ජයසිංහ මේ දවස්වල කාගේත් අවධානයට ලක්වූ තිදෙනෙක්. යුද්ධය නිමා වූ පසුව උතුර නරඹන්නට යන මිතුරෝ තිදෙනෙකු අහම්ඛෙන් හමුවන යුද අවියක් නිසා ඒ අයගේ ජීවිතවලට ඇතිවන බලපෑම තමයි චිත්‍රපටය තුළින් පෙන්වන්නේ. මේ අත්දැකීමට මුහුණ දෙන මිතුරන් තිදෙනා ලෙසින් රඟපාන්නේ සරත්, කුමාර, සහ නාමල්,, නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ —තණ්හා රති රඟා˜ චිත්‍රපටයේ කතාව දෙබස් තිර නාටකය සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර විසින් සිදුකළා.
ඔබ දකින —තණ්හා රති රඟා˜ සිනමාපටයේ කැමරාවෙන් එහා සිදු වූ සිදුවීම් රැසක්ම තිඛෙනවා. පිටපත රචනා කිරීම ඇරඹූ මොහොතේ පටන්, චිත්‍රපටය රූගත කිරීම අවසන් වූ කාලය දක්වා වූ කාලය තුළ වූ මේ සියලූම සිදුවීම් අතර ඇති රසමුසු තැන් බොහෝයි. පහුගිය දාක අපේ කතාබහට එකතු වූ සරත් කොතලාවලත් එක්ක අපි මේ ගැන කතා කළා. සරත් ‘තණ්හා රති රඟා’ ගැන මතකය අවදි කළේ මේ විදියට.
—යුද්ධය අවසන් වූ පසුව රටම කතා කළේ ඒ ගැන, බොහෝ අය උතුරට යන්න පටන් ගත්තා. ඔය අතරතුර එක දවසක් මමයි කුමාර තිරිමාදුරයි මුණගැහිලා කතා කර කර ඉද්දී.
—මේ විදියට උතුරට යද්දී අහම්ඛෙන් පිස්තෝලයක් හම්බවුණොත් මොන වගේ වේවිද?˜
කියන අදහස අපිට ආවා. අපි දිගින් දිගටම ඒ ගැන කතා කළා. ඒ කතාබහ අපිට මැවුණුු සිද්ධි චිත්‍රපටයකට අපූරු කතාවක් වේවි කියලා අපිට හිතුනා. ඒ අනුව තමයි මේ කතාව තිර පිටපතක් විදියට ලියන්න හිතුවේ.˜
ඒ අදහස අනුව සරත් හා කුමාර මිතුරෝ මේ අපූරු කතාව අපූරු තිර නාටකයක් විදියට ලියන්න ගත්තා. සාමාන්‍යයෙන් තිර නාටකය රචකයින් තිර පිටපත් ලියන්නේ තනිව. ඒත් මේ දෙදෙනා එක තැනකට මුණගැහිලා කතාබහ කරමින් තමයි මේ තිර නාටකය රචනා කරලා තියෙන්නේ. මේ විදියට මාස 6ක් විතර කාලයක් යොදාගෙන තමයි මේ අය තණ්හා රති රඟා චිත්‍රපටයේ තිර නාටකය රචනා කරල තියෙන්නේ. 2009දී අවසන් කළ තිර නාටකය සිනමා පටයක් විදියට නිර්මාණය වුණේ 2012දී.
—තිර නාටකය වෙනසක් කළාට පස්සේ අපිට අවශ්‍ය වුණේ චිත්‍රපටයක් කරන්න. අපි මේ තිර නාටකය කීපදෙනෙකුට ඉදිරිපත් කළා. ඔය විදියට අවුරුදු දෙකහමාරක් විතර මේ පිටපත අතින් අත ගියා. අන්තිමට ශිවගුරුනාදන් මහතා හරහා තමයි නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාට මෙය ලැබුණේ. ඒ විදියට තමයි —තණ්හා රති රඟා˜ සිනමාවට නැගුනේ.˜
මෙම චිත්‍රපටයේ දර්ශන සියල්ලම වාගේ එළිමහන් දර්ශන. ඒ අතරින් දර්ශන රැසක් උතුරේ රූගත කළ දර්ශන. මේ විදියට එළිමහන් දර්ශන රූගත කරද්දී නළු නිළියන් ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට අසීරුතා වගේම අපූරු අත්දැකීම් බොහොමයකට මුහුණ දෙන්න සිදුවුණාලූ. උතුරේ රූගත කරද්දී තමයි වැඩිම අත්දැකීම් විඳගන්න සිදුවෙලා තියෙන්නේ.
—පුනරීන් ආශ්‍රිත එක්තරා ස්ථානයක්් තියෙනවා. එතැනට සමනලූන් දස දහස් ගණනින් පියාඹලා එනවා. එතැන රූගත කිරීම් හරිම අපූරු අත්දැකීමක් වුණා.
ඒ වගේම කට්ටියම මහ රෑ එළිමහනේ ගීත ගයන ජවනිකා රූගත කිරීම තමයි උතුරේ රූගත කළ අසීරුම අත්දැකීම වුණේ. එතැන වැලිකතරක් වගේ තැනක්. හුළඟත් එක්ක එන වැලිවලින් පළාතම වැසිලා යනවා. ජවනිකාව මහ රෑ පුරාම රූගත කළා. දුර දර්ශන රූපගත කරද්දී කට්ටිය දෑස් බැඳගෙන තමයි හිටියේ. ඒත් සමීප දර්ශනවලදී එහෙම කරන්න බැහැනේ. ඇස් ඇරගෙන මේ අපහසුතාව විඳිමින් පුදුමාකාර සංයමයකින් තමයි ඒ වගෙ දර්ශනවලට මුහුණ දුන්නේ.˜
චිත්‍රපටයේ එක අවස්ථාවක මේ මිතුරන් අතර ඇතිවන මත ගැටුම ගුටි හුවමාරුවක් දක්වාම යනවා. එතැනදී කුමාර තිරිමාදුර විසින් සරත් කොතලාවලට පහර දෙනවා.
—ඒ සීන් එක සාර්ථකව කරන්න නම් ඇත්තටම ගහන්න වෙනවා. ඒ වෙලාවේ කුමාර ඇත්තටම මට පහර දුන්නා.˜
සරතුයි, කුමාරයි නාමලූයි තිදෙනා ත්‍රිරෝද රථ තුනක නැගලා —පුනරීන් තංගුපිටි පාලම —හරහා යන ජවනිකා රූගත කරලා තියෙන්නේ හෙලිකොප්ටරයක් මගිනුයි. අධ්‍යක්ෂවරයා ඇතුළු කැමරා ශිල්පීන් හෙලිකොප්ටරයේ සිට රූගත කරද්දී මේ තිදෙනා ත්‍රිරෝද රථවල නැගලා පාලමේ කෙළවර සිට එහා කෙළවරට යා යුතුයි. එතැනදී හෙලිකොප්ටරයේ වේගය සමග ත්‍රිරෝද රථවලටත් යන්න සිදුවුණාලූ.
—චිත්‍රපටය වෙනුවෙන්ම අපිට ත්‍රීවීල් එලවන්න පුරුදුවෙන්න සිදුවුණා. චිත්‍රපටය පුරා ත්‍රීවීල් එළවන අවස්ථා තිබුණා. හැබැයි මේ ජවනිකාවේදී අධික වේගයෙන් කඩාගෙන බිඳගෙන යන්න සිදුවුණා.’’
සරත් —තණ්හා රති රඟා˜ රූගත කිරීම් මතකය අවදි කළේ ඒ විදියට.