අඩු වයසින් ගැබ් ගත් දැරියෝ
අඩු වයසින් ගැබ් ගත් දැරියෝ මර්තා වෙලස්ක්වෙස්, ගෙවුණු පෙබරවාරියේ ඇගේ ඥාති පෙම්වතාගෙන් දූෂ්‍ය වන තෙක් 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.
පල්ලියේ මුරකරුවෙකු ලෙස සේවය කරන 34 හැවිරිදි සල්ලාලයා ඇය චිප්ස් මිලදී ගන්නට ගිය අවස්ථාවකදී පල්ලිය තුළදීම ග්‍රහණයට ලක්කරගෙන තිබේ. තම තිරිසන් ආශාව සංතෘප්ත කර ගත් ඔහු ඒ පිළිබඳ කිසිවෙකුට නොකියන ලෙස ඇයට තරයේ අවවාද කළේය. අනන්‍යතාව පිළිබඳ ගැටළු මතුකරන බැවින් වෙල්ස්ක්වෙස් ගේ සැබෑ නාමය මෙහිදී වෙනස් කර ඇතත් ඇය නිකරගුවානු අග නගරය වන මනාගුවා ආසන්නයේ සරණාගත කඳවුරක සිට අල්ජසීරා ජාත්‍යන්තර පුවත් සේවය අමතා සිදුවීම ගැන කියා සිටියාය.
මේ ගැන කාට හරි කීවොත් මට කළ අපරාධය මගේ පුංචි නංගිලාටත් කරන බවට ඔහු මට තර්ජනය කළා. මං දෙලොවක අතරමංවුණා දැනුණා. මට මහා බයක් දැනුණා.ඒ හින්දා මං ඒක නිහඬව විඳ දරාගත්තා. ඇය අතීත සිද්ධිය සිහිපත් කළාය.
ගැහැණු දරුවන්ට එරෙහිව ලිංගික අපරාධ සිදුවන ලෝකයේ ඉහළපෙලම රටක් ලෙස නිකරගුවාව වාර්තා පිට වාර්තා තබා තිබේ. දැඩි පීතෘ මූලික සමාජයක් වන එහි ලිංගික අපරාධකරුවන්ට යෙහෙන් වැජඹීමට අවැසි පසුබිම සකසමින් එරට නීති පද්ධතිය තුළ පවා ස්ත්‍රීය වෙනස්කොට (පහත්)ලෙස සලකන තත්ත්වයක් පවතී. මෙම තත්ත්වය තීව්ර කිරීමෙහිලා එයද හේතුවකි. අධිකරණ වෛද්‍ය වාර්තාවන්ට අනුව ගෙවුණු වසරේ ස්ත්‍රී දූෂණ අපරාධ 6069 ක් වාර්තාවී තිබේ.
නීති වෛද්‍ය ආයතනයේ දත්ත වලට අනුව එය 2010 මෙන් 27%ක වර්ධනයකි. එයින් 82%ක අති බහුතරයක් කුඩා දරුවන්වීම ඉතාම ඛේදජනකය. වයස අවුරුදු 13 දක්වා 3065ක්ද, වයස අවුරුදු 14-17 අතර පිරිස් 1897ක්ද ඊට ඇතුළත්ය. එයින් සෑම 10 දෙනකුගෙන්ම 9ක් හෙවත් 80%ට වැඩි ප්‍රතිශතයක් මර්තා වෙලස්ක්වෙස් වැනි බලහත්කාරී අපචාරයන්ට ලක්වුණු දැරියන්ය.
එහෙත් බලධාරීන් ට වාර්තාවන මෙම සිදුවීම් වලට වැඩියෙන් නිකරගුවානු සමාජයේ සැබෑවටම සිදුවන ලිංගික අපරාධ බොහෝ ඉහළ අගයක් ගන්නා බව නීති වෛද්‍ය ආයතනය පෙන්වාදෙයි. ගැහැණු ළමුන්ට එරෙහි කෘරතර අපරාධ රටේ සාමාන්‍යකරණය වෙලා තියෙනවා. පුරුෂොත්තමභාවය ඒ ඔක්කොටම යටයි ගෝලීය ප්‍රතිජනන අයිතිවාසිකම් සංවිධානයක් වන ‘ඉපාස්‘හි මෙතේ ඔචෝවා පවසයි. ‘නිකරගුවාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ පදනම‘සොයාගෙන ඇති අන්දමට වයස අවුරුදු 15-19 ගැහැණු ළමුන් 17%ක් තමන්ගේ පළමු ලිංගික අත්දැකීම තම සහකරුගේ දැඩි බලපෑමෙන් හෝ බලහත්කාරයෙන් සිදුවූ බව තහවුරු කර තිබේ. ඉකුත් වසරේ එකී වයස් කාණ්ඩයේ දැරියන්ගෙන් 1/5 න් තමන්ට සිදුවූ අකටයුත්ත හේතුවෙන් වේදනා විඳමින් සිටියි.
මර්තා වෙල්ස්ක්වෙස් තමා මුහුණදුන්නු දරුණු ඛේදවාචකයෙන් පසුව සිතින් පීඩා විඳිමින් සිටියදී ඉකුත් ජූලි මාසයේ ඇය අපහසුවෙන් ඇවිදින බවත්, යම් අසනීප තත්ත්වයකින් පෙළෙන බවත් ඉවෙන් මෙන් වටහාගත් ඇගේ මව ඇය වෛද්‍යවරයෙකු හමුවට කැටුව යන ලදී. එහිදී අනාවරණය වී ඇත්තේ ඇය ඒ වනවිටත් පස් මසැති ගැබිණියක බවය. එමෙන්ම ඒ නිසාම ඇය එරට බොහෝ යෞවනියන් සේ පූර්ව ගැබ්වලිප්පුවෙන් පීඩා විඳින බවද එහිදී අනාවරණය විය. නිකරගුවාව, ලෝකයේ ලතින් අමෙරිකානු කලාපය තුළ අඩු වයස් ගැබ් ගැනීම් ඉහළම අගයක් වාර්තාවන රටයි. එය වයස අවුරුදු 18ට පෙර දරු උපත් සිදුකරන ස්ත්‍රීන් ලෙස ගත් කළ 28%ක් බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල පෙන්වාදෙයි. 2012 වසරේ වයස අවුරුදු 10-19 බාල වයස් ස්ත්‍රීන් විසින් දරු උපත් 33,812ක් සිදුකර තිබේ. එරට සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව සෑම සජීවි දරු උපත් 4ටම 1ක් බාලවයස්කාර මව්වරුන්වීම කැපී පෙනෙන විශේෂත්වයකි. 2012 වසරේ දරු උපත්වලින් 1609 ක් වයස අවුරුදු 10-14 දක්වා බාලවයස්කාර මව්වරුන් වීමද ඊට ඇතුළත්ය. නිකරගුවානු දණ්ඩ නීති සංග්‍රහයට අනුව වයස අවුරුදු 14 ට අඩු දරුවන් සමග ලිංගිකව එක්වීම කොහොමත් දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව නිල වාර්තා මගින් තවදුරටත් ප්රත්යක්ෂ කරනු ලබයි. ලිංගික අපචාර වලට එරෙහි ව්‍යාපාරයේ සම්බන්ධීකාරිකා ලෝනා නුරෝරි පෙන්වාදෙන අන්දමට එරට සිදුවන ලිංගික අපහරණයන්ගෙන් චෝදනා ගොනු කොට නඩු විභාග කරනු ලබන්නේ 1%ක තරම් ඉතා සුළු ප්‍රමාණයකටය. එහි ප්‍රතිඵලය වන්නේ නව යෞවනියන් විවිධ හේතු සාධක කරණ කොටගෙන වුවද ගර්භනීභාවයට පත්වීමයි.
ඒ හේතුවෙන් දැරියන් බොහෝ ප්‍රමාණයකට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය නොසලකා පාසලෙන් පළවාහැරෙයි. බාලවයස්කාර ගැබ් ගැනීම් වලින් 99%ක්ම අධ්‍යාපනය, අනාගත රැකියා ඉඩප්රස්ථා, හොඳ පවුලක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව පහලට හෙළනු ලබනවාර්ණ රොසා රොමේරෝ පවසයි. ඇය ලිංගික හා ප්‍රතිජානන අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිණියකි. මෙම බාලවයස්කාර ගැබ් ගැනීම් සම්බන්ධයෙන් රට කනගාටුවට පත්විය යුතුයි. එහෙත් මේ සම්බන්ධයෙන් වැඩිහිටි පිරිමින් එය අතිශය සාමාන්‍යකරණය කරනවා සේම ප්‍රශ්නයක් සේ බාරගන්නේ ඉතාමත් කලාතුරකින්ර්ණ ඇය පෙන්වාදෙයි. ලෙයිලා ඔරෙන්ටෙස් තාමත් 14 හැවිරිදිය.ඇය අත්ලන්තික් වෙරළාසන්න ගම් පෙදෙසක් වන රාම කී දිවයිනෙහි දිවි ගෙවයි. 7 මසැති ගැබිණියකව සිටියදී පාසලෙන් නෙරපනු ලැබූ ඇයගේ දරුවාගේ පියා 34 හැවිරිදිය. ඔහු මගේ පෙම්වතා වෙලා සිටියා යයි මං හිතනවා ඇය කියා සිටින්නේ ඒ හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය මගින් කටයුතු නොකළ යුතු බවයි. මේ ආකාරයේ බාලවයස්කාර විවාහයන්ද නිකරගුවාවේ ළමා ලිංගික හිංසන ප්රවණතා පිළිබඳ ප්රශ්නය තවත් සංකීර්ණ කිරීමට බලපා තිබේ.