බෝම්බ හදන නයිටි‍්‍රක් අම්ල ලීටර් 300 ක් උතුරට ගෙනගියේ ඇයි?
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කාරයක් ලෙස යොදාගන්නා නයිටි‍්‍රක් අම්ලය උතුරට ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසනවා.
ඒ, අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා පී. පියරත්නගේ නියෝගයකට අනුවයි. නයිටි‍්‍රක් අම්ල දියර ලීටර් 300 ක් කන්ටේනරයකින් කොළඹ සිට උතුර ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරමින් තිබියදී මැදවච්චිය නගරයේදී පෙරේදා රාත‍්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව එම කන්ටේනරයේ තිබී රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා සීනි මිටි 50 ක්, පරිප්පු මිටි 100 ක් සහ කුකුල් කෑම මිටි 80 ඇතුලූ ආහාර පාන තොගයක් සොයාගත්තා. එම ආහාරපානද අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර ඒවා විනාශ කර දමන ලෙසයි ඇය නියෝග කළේ.
කන්ටේනරය සමග අත්අඩංගුවට ගත් සැකකරු මුදල් ඇප මත මුදාහැර තිබෙනවා. ඔහු පාලවි - නාගවිල්ලූ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. (hiru news )

Comments