ඉන්දියාවේ සිනමාව අතරින් ලොව පුරා අංක එකේ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින්නේ බොලිවුඩ් සිනමාවයි’ දෙවැනුවට ලොව පුරා ඛෙදාහැරෙන ජනප්‍රිය සිනමාව වන්නේ දකුණු ඉන්දියාව නිජබිම කරගත් දෙමළ සිනමාවයි’ බොලිවුඩ් සිනමාපටවලටද අන්තවාදීන්ගෙන් බාධා ඇතිවන අවස්ථා හි`ග නොවුණත් ඒවා ගහමරාගන්නා තරමට දුර යන්නේ කලාතුරකිනි’ නමුත් ජෙයලලිතලා හා කරුණානිධිලා තම පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් කරන බලපෑම හා උසිගැන්වීමට පින්සිදුවන්නට දෙමළ සිනමාව වර්තමානයේදී සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වි තිබේ’ පසුගියදා ජෝන් ඒබ්‍රහම් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ එල්’ටී’ටී’ඊ’ප්‍රශ්නය මුල්කරගත් මැඩ්රාස් කැෆේ චිත්‍රපටයට තමිල්නාඩුවෙන් ලොකු විරෝධයක් එල්ල වූයේ ඉන් පිරබාහරන් ත්‍රස්තවාදියෙකු ලෙස හුවා දක්වන බව කියමිනි’ මේ කතාව අතුඉති ලා වැඩෙන්නට වුයේ අවසානයේදී මැඩ්රාස් කැෆේ නිෂ්පාදනය කරන්නට ජෝන්ට මුදල් ලැබුණේ ශ්‍රී ලංකාවෙන් බවටද කතාවක් පතුරවමිනි’ මෙය සම්පූර්ණ අසත්‍යයක් බව නිෂ්පාදක හා ප්‍රධාන නළු ජෝන් මෙන්ම අධ්‍යක්ෂ ෂුජිත් සර්කාර් කියා සිටියද මැඩ්රාස් කැෆේ දකුණු ඉන්දියාවේ තිරගත කරන්නට ඉඩ නොලැබුණේ සිනමා ශාලාවලට ගල්මුල් ප්‍රහාර එල්ලවීම ගැන ඇති බිය නිසාමය’ නිර්මාණාත්මක බවට තුවක්කු බට එල්ලවියයුතු නැති බවට ජෝන් ඒබ්‍රහම්ගේ ප්‍රකාශයෙන් හා නඩු හබවලින් පසු චිත්‍රපටය ප්‍රමාදවී දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය කෙරුණු අතර බ්‍රිතාන්‍යයේ ඇතැම් සිනමාහල්ද මැඩ්රාස් කැෆේ ප්‍රදර්ශනයෙන් වැළකී සිටියෝය’ එල්’ටී’ටී’ඊ විරෝධී යැයි සැලකෙන චිත්‍රපටවලට ගල් ප්‍රහාර එල්ල කරන අතරේ එල්’ටි’ටී’ඊ’හිතවාදී චිත්‍රපට මල් ‍පොකුරු ගසා පිළිගන්නා තමිල්නාඩුවේ දේශපාලනය මේ හේතුවෙන් සැබෑ රසිකයින්ගේ වින්දන අයිතියට කරන අසාධාරණය අමුතුවෙන් කිවයුතු නැත’ මෙසේ මල් පාවාඩ මතින් පිළිගත් චිත්‍රපටයක් පසුගිය බදාදාට යෙදුණු දීපවාලි නැතහොත් ඉන්දියාවේදී කියැවෙන පරිදි දිවාලි දිනයේදී ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබූ අතර පුලිපාරවෙයි නම් මේ චිත්‍රපටය හා එහි අරමුණු ගැන අප පසුගිය ඉරිදා ලක්බිම පුවත්පතේ සටහන් කළෙමු’ කෙසේවුවද පසුව මේ චිත්‍රපටයට විරෝධය දක්වමින් එල්’ටී’ටී’ඊ’හිතවාදී පිරිස් හා දේශපාලන පක්ෂ කියා තිබුණේ පිරබාහරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන්ගේ මරණය දැක්වෙන මේ චිත්‍රපටයේ දොළොස් හැවිරිදි බාලචන්ද්‍රන් එල්’ටී’ටී’ඊ’ ඇඳුමින් සැරසී සිටිනු දක්වා තිබිමෙන් වැරදි අදහසක් ඇතිවන බව කියමිනි’ ඔවුන් මෙසේ කියන්නේ එල්’ටී’ටී’ඊ’යේ ළමා සොල්දාදුවන් සිටි බව ඡායාරූපවලින් හා විස්තරවලින් පැහැදිලිව හෙළිවී තිබියදී වීම මෙහි හොඳම විහිළුවයි’ කෙසේවුවද දුර්වල අධ්‍යක්ෂකවරයෙකුගේ දුර්වල නිර්මාණයක් වීම හේතුවෙන් පිරබාහරන් ගැන හෝ කොටි සංවිධානය ගැන හෝ ප්‍රබල හැ`ගීමක් මෙය නරඹන්නෙකුට ඇතිනොවීම චිත්‍රපටය ප්‍රදර්ශනයට විරුද්ධවීමේ සැබෑ හේතුව බව අප දන්නා මධ්‍යස්ථ මතධාරී ඉන්දීය මාධ්‍යවේදීන්ගේ මතයයි’ පුලිපාරවෙයි දිවාලි දිනයේදී තිරගත කරවීම මේ හේතුවෙන් වැළකුණත් දිවාලි දිනයේදීම නිකුත්වන්නට නියමිතව තිබූ තවත් චිත්‍රපටයක් ගල්මුල් ප්‍රහාරවලින් නවත්වන්නට තමිල්නාඩුවේ දේශපාලන බලවේග ක්‍රියාකොට තිබුණේ අමුතුම හේතුවක් මතය’ ඒ අනුව දෙමළ සිනමා රසිකයින් දේවත්වයෙන් සලකන විජෙයි ප්‍රධාන චරිතය රඟන හා ජනප්‍රියතම හින්දි චිත්‍රපටයක්වූ ගජ්නි හින්දියෙන් හා දෙමළෙන් නිර්මාණය කළ ඒ’ ආර්’ මුරුගදෝස්ගේ අධ්‍යක්ෂණයක්වූ කත්ති නම්වූ මේ චිත්‍රපටයට විරුද්ධවන්නට හේතුව එහි නිෂ්පාදක සමාගම ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා ඇති අය බවට පැතිරුණු කටකතාවයි’ පිහිය යන අරුත ඇති කත්ති ප්‍රදර්ශනය අරඹන්නට සියල්ල සූදානම් කර තිබුණු චෙන්නෙයි හි සත්‍යම් සිනමාහල් සංකීර්ණයට හා වුඩ්ලන්ඩ්ස් තියටර් සිනමා ශාලාවට පසුගිය සඳුදා රාත්‍රියේ වීදුරු කුඩු කරමින් ගල් හා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ බව අප පුවත්පතට කියා සිටියේ චෙන්නෙයි හි මාධ්‍ය මිතුරෙකු වූ ගෝපාල් එතිරාජ්ය’ ජනෙල් හා දොරවල්වලට මෙන්ම ප්‍රවේශපත්‍ර කවුළුවලටද ඒ ගල් පහරවල් එල්ලවී තිබේ’ ඒ වෙලාවේ චිත්‍රපට නරඹන්නට ආ විශාල පිරිසක් එහි රැඳී සිටියද වාසනාවකට මෙන් කිසිවෙකුටත් අනතුරක් නොවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය’ මේ හේතුවෙන් ඉක්මනින් රැස්වීමක් කැඳවූ තමිල්නාඩු සිනමා ශාලා හිමියන්ගේ සංගමය තමාට අවදානම භාරගත නොහැකි නිසා කත්ති ප්‍රදර්ශනය අත්හිටුවන්නට තීරණය කර තිබුණි’ මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන අප ඇමතු ගෝපාල් නියම කරගෙන සිටි ලෙසට කත්ති ප්‍රදර්ශනය ඇරඹූ බව කියා සිටියේය’ අවසන් මොහොතේදී තමිල්නාඩුව පුරා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නට තීරණයක් ගෙන තිබේ’ මේ වසරේදී රසිකයින් තිරගත වනතුරු වැඩිම බලා‍පොරොත්තුවකින් සිටි විජෙයිගේ චිත්‍රපටය වන මෙහි හින්දි සිනමාවේ ජනප්‍රිය තරුණ නළුවෙකු වන නීල් නිතින් මුකේෂ් ද ර`ගපායි’ සිනමා ශාලාවලට ගල් ගහපු තාන්තෙයි පෙරියර් ද්‍රවිඩර් කනාගම් සංවිධානයේ පස්දෙනෙක්ව ‍පොලීසිය අත්අඩංගුවට අරගෙන’ මේ චිත්‍රපටයට විරුද්ධව දෙමළ ශිෂ්‍ය සංවිධාන ඇතුඵ සංවිධාන ගණනාවක් දින කීපයක ඉඳලම විරෝධය දක්වනවා’ තවත් සමහරු හිතනවා මේ නිෂ්පාදකවරු හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර සම්බන්ධකම් තියෙනවා කියලා’ විරෝධය පටන් අරගෙන තියෙන්නෙ එතැනින්’ අන්තිමේදී නිෂ්පාදකවරු විරෝධතා දක්වන අයත් එක්ක ගිවිසුමක් ගහලා තියෙනවා ප්‍රචාරක පුවරුවල තියෙන නිෂ්පාදකවරුන්ගෙ ලාංඡනය ඉවත් කරන්න’ චිත්‍රපටය පෙන්නන්න ඉඩ ලැබුණෙ ඊට පස්සෙයි ගෝපාල් කියා සිටියේය’ මෙහිදී ඉහත සඳහන් කළ තාන්තෙයි පෙරියර් ද්‍රවිඩර් කනාගම් සංවිධානය ගැන කියනවානම් එය තමිල්නාඩුවේ පෙරියර් ද්‍රවිඩර් කනාගම් දේශපාලන පක්ෂයෙන් කැඩී සංවිධානය වූවකි’ ඊටත් පෙර මේ දෙපිරිසම ඉන්දියාවේ මුලින්ම පිහිටුවාගත් දෙමළ දේශපාලන පක්ෂයක් වන ද්‍රවිඩර් කනාගම් පක්ෂයෙන් වෙන්වී එක් පක්ෂයක් පිහිටුවාගෙන සිටියෝය’ කත්ති සමාගම් දෙකක් එක්ව නිෂ්පාදනය කළ අතර මේ එක් සමාගමක හිමිකරුවන් වන්නේ කේ’ කරුණාමූර්ති හා ඒ’සුභාෂ්කරන්ය’ කේ’ කරුණාමූර්ති හා රොහාන් මානික්කවානගර් සමග පිහිටුවාගත් යුරෝපය කේන්ද්‍රකොටගත් සිනමා නිෂ්පාදන සමාගම අයන්ගරන් ඉන්ටර්නැෂනල් ලෙස හැඳින්වෙයි’ කත්ති නිෂ්පාදන හා ඛෙදාහැරීමේ සම සමාගම ලෙස අයන්ගරන් ඉන්ටර්නැෂනල් කටයුතු කරන අතර මෙහි නිෂ්පාදන ඇතුළත් ශාඛාවක් ශ්‍රී ලංකාවේද තිබේ’ කෙසේවුවද විරෝධතාකරුවන්ට ප්‍රශ්නයක්වී ඇත්තේ අනෙක් සම නිෂ්පාදන සමාගම වන ලයිකා ප්‍රඩක්ෂන්ස්ය’ ලයිකා ප්‍රඩක්ෂන්ස් අයිති ප්‍රකට ජංගම දුරකථන සමාගමක් වන ලයිකා මොබයිල්ස් හිමිකරු වන සුභාෂ්කරන් අලයරාජ්ටය’ අලයාරාජ් හා ශ්‍රී ලංකාව අතර හිතවත්කමක් ඇති බවත්” මේ නිසා අලයරාජ්ට ශ්‍රී ලංකාවේද තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඉඩ ලැබි ඇති බවටත් විරෝධතාකරුවන්ගෙන් ඇතැමෙක් කියන කතාවයි’