කාන්තාවන් බාල වයස් පිරිමි දරුවන් අපයෝජනය කිරීම
ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ විසිහතර හැවිරිදි දෙදරු මවක පසළොස්හැවිරිදි පාසල් සිසුවෙකු මාපිය භාරයෙන් ඉවතට ගෙන අපයෝජනයට ලක්කරමින් ගෙන ගිය කායික ඇසුරක් හෙළිදරව් වී නීතිය හමුවේ වරදකාරියක වූ පුවතක් පසුගිය දිනෙක මාධ්‍ය මගින් වාර්තා විය. ඩමවුපිය භාරකාරීත්වයේ සිටි දරුවෙකු අපයෝජනයට ලක් කිරීම, ඔහු ඈත ප්‍රදේශයකට රැුගෙන යාම පෙර කී කාන්තාවට එරෙහිව නීතියේ හස්තය ක්‍රියාත්මක වීම කෙරෙහි බලපා තිබිණ. පසුගිය කාලයේ බොහෝ අයගේ කතා බහට ලක් වූ මෙම පුවතට ආසන්න කාලවකවානුව තුළ ඒ ආකාරයෙන්ම වැඩිහිටි කතුන් අතින් අපයෝජනයට ලක් වූ පිරිමි දරුවන් පිළිබඳ පුවත් කිහිපයක්ම වාර්තා විය. ඒ සිද්ධීන් වැඩිහිටි පිරිමින් අතින් දැරියන් අපයෝජනයවන තරමටම නොවූවද සැලකිය යුතු වැඩිවීමක් ඇතිදෝයි සිතීමට තරම් ප්රමාණවත්ය.
කුඩා පිරිමි දරුවන් අපයෝජනයට ලක් කරන්නේ කවර මාදිලියේ කතුන්ද ?
මෙය බොහෝ දෙනකුගේ කුතුහලය දනවන පැනයකි. කුඩා පිරිමි දරුවන් එලෙස අපයෝජනයන්ට ගොදුරු කරගත් කාන්තාවන් අතර වෘත්තියෙන් ගෘහ සේවිකාවන් ලෙස ජීවත් වන්නියන් මෙන්ම දරුවනට හොඳ නරක කියා දෙන ගුරුවරියෝ ද වූහ. තවත් කාන්තාවන් සැමියා දුර බැහැරක හෝ ඔහුගෙන් වෙන්ව ජීවත් වන විටත් අවිවාහකව තනිව ජීවත් වන විටත් තමන්ගේ තනි රැුකීමට යයි නිවසට ගෙන්වා ගන්නා පිරිමි දරුවන් අපයෝජනයන් කළ අවස්ථාවන් ද වාර්තා වී තිබේ
කාන්තාවන් අතින් කුඩා පිරිමි දරුවන් අපයෝජනය වීම මෑතක සිට වැඩි වූවක්ද?
මෑත භාගයේ වැඩි වැඩියෙන් කතා බහට ලක්වන මෙවැනි සිද්ධීන් මෑතක ආරම්භ වූ ප්‍රවණතාවයක්ද? එසේත් නැතිනම් අතීතයේ පටන් සිදුවෙමින් පැවතුණ දෙයක් ද යන්න මතෛක් නොවිසඳුණු ගැටලුවකි. තවත් පැත්තකින් අතීතයට සාපේක්ෂව මාධ්‍යයන් තුළින් නිරාවරණය වීමේ වැඩි හැකියාවන් හා අවස්ථාවන් හේතුවෙන් එවැනි සාපරාධී ක්‍රියාවන් පවා අනුකරණය කරන පිරිසක් බිහි වී තිබේද ? යන්න ද ගැටලුවකි. කාන්තාවන් විසින් පිරිමි දරුවන් අපයෝජනය කරන්නේ යම් මානසික රෝගී තත්ත්වයක් නිසාද? වයෝවෘද්ධ කාන්තාවන් හා ලිංගික සබඳතාවයනට පෙළඹෙන කුඩා දරු දැරියන් ලිංගිකව ගොදුරු කර ගැනීම ඇතුළු තවත් නොයෙක් අස්වාභාවික ආශාවන්ට පෙළඹෙන පුරුෂපාර්ශ්වයේ අය පිළිබඳව කොතෙකුත් අසන්නට ලැබේ. ඒ ආකාරයෙන් විකෘති ලිංගික ඇබ්බැහියාවන්ට පෙළඹෙන පුරුෂ පක්ෂය සම්බන්ධ මනෝවිද්‍යාත්මක විග්‍රහය වන්නේ එවැනි ඇබ්බැහියාවන් යම් මානසික රෝගී තත්ත්වයක් විය හැකි බවය. ඒ පුරුෂ පක්ෂය ඊට යොමු වූ විටය. එහෙත් කාන්තාවක් පෙර කී ආකාරයට කුඩා පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම කිසිවිටෙකත් මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුවන්නක් නොවේ. ඊට හේතුව කාන්තාවන් හට වැළෙක්ෂන නිව්ෆෝමේනියාව නම් මානසික රෝගයේදී ඇය එක් කුඩා දරුවකු කෙරෙහි පමණක් නොව දකින දකින පිරිමින් කෙරෙහි අනුරාගී ආකර්ෂණයක් ඇති කර ගැනීමය.
එසේ නම් කාන්තාවන් එවැනි දෙයට යොමු වන්නේ ඇයි ?
අපේ සංස්කෘතික පසුබිම තුළ යම් කාන්තාවක් විවාහයකින් තොරව පවත්වන සියලු ලිංගික සබඳතාවයන් සදාචාර විරෝධී යැයි දැඩි සේ පිළිගැනීමක් තිබේ. නමුදු අවිවාහක කාන්තාවකට තවත් අවිවාහක පිරිමියකු හා ලිංගික සබඳතා පැවැත්වීම කෙරෙහි කිසිදු නීතිමය බාධාවක් නැත. මෙම නීතිමය සහ සදාචාරමය පසුබිම් තත්ත්වය එසේ වුවද ඇයටද දැනෙන හැඟෙන ලිංගික ආශාවන් පැවැතීම ස්වභාවිකය. එවැනි තත්ත්වයක් තුළ කාගේවත් සැකයට ලක් නොවන ආකාරයට, කාටවත්ම දැන ගැනීමට හැකියාවක් නැතැයි සිතෙන මාර්ග තුළින් තම ආශාවන් සන්තර්පණය කර ගැනීමට පෙළඹෙන කාන්තාවෝ සිටිති. එහිදී කුඩා පිරිමි දරුවන් එවැනි දෙයට පොළඹවා ගෙන දරුවාද ඊටම ඇබ්බැහි වූ විට සියල්ල රහසක් සේ කරගෙන යාමට හැකි වාතාවරණයක් ඔවුහු සකසා ගනිති. ගෘහ සේවිකාවන් වැනි නිවෙස් තුළ සිර වී කොටු වී ජීවත් වන කාන්තාවන්ට තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සන්තර්පණය කර ගැනීමට වෙන කිසිදු මාර්ගයක් නැති විය හැකිය. එහිදී නිවෙස තුළ තම භාරයේ සිටින ඉතා කුඩා පිරිමි දරුවෙකු හෝ ඊට යොදා ගැනීමට ඇතැම් ගෘහ සේවිකාවන් පෙළඹී ඇති බවට පුවත් හෙළිදරව් වී තිබේ. නමුත් මෙසේ හෙළි වූ පුවත්වලට වඩා හෙළි නොවූ පුවත් සංඛ්‍යාව ඉතා විශාලය. තම විවාහ දිවිය අතෘප්තිමත් ආකාරයෙන් ගෙවී යද්දී ඊට විකල්පයක් සොයන සමහර කාන්තාවෝ අනියම් සබඳතාවලට යොමු වෙති. ඒ අතර අනියම් සබඳතාවයක් පැවැත්වීම වෙනත් ආරවුල්, ගැටලු ආදියට හේතුවක් සේ දකින තවත් කාන්තාවක් ඒ පිළිබඳව ඇති වරදකාරී හැඟීමක් හේතුවෙන් ඊට යොමු නොවී කුඩා පිරිමි දරුවන් අපයෝජනය කරමින් සතුටක් ලැබිමට පෙළඹී ඇති බවක් ද දක්නට ලැබේ. දැරියක අපයෝජනය වීම හෙළිදරව් වුවද පිරිමි දරුවෙකුට එවැනි දේ සිදුවීම බොහෝ විට හෙළි නොවන්නේ ඇයි ? ගැහැනු දරුවෙකු අපයෝජනයට ලක් වූ විට ඒ බව බොහෝ විට ඇගේ මවට හෝ සන්නිවේදනය වේ. එහෙත් පෙර කී ආකාරයට බොහෝ පිරිමි දරුවෝ ඊටම ඇබ්බැහි වී එය රහසක් සේ දිගින් දිගට පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වති.
සුවිශේෂීසිද්ධියක් මුල්කොට ගෙන මිස එවැනි සිද්ධීන් බොහෝ විට හෙළිදරව් වන්නේ කලාතුරකින් විය හැකිය. ඒ අනුව මෙබඳු සිදුවීම් නිහ~ ඛිදවාචක ලෙස වැළලී යාමට ඇති හැකියාව සුළු පටු නැත. කාන්තාවන් අතින් සිදුවන අපයෝජනයන්ටද ද~ුවම ඉතා බරපතළය. වයස අවුරුදු දහඅටට අඩු බාල වයස්කාර දරුවෙකු අපයෝජනයට ලක් කරන කවර හෝ වැඩිහිටියෙකුට හිමිවන ද~ුවම සුළු නොවේ. එය සාපරාධී වරදක් වශයෙන් නීතිමය රාමුවක් තුළ පවතින්නකි. ස්ත්‍රී හෝ පුරුෂ හෝ වේවා කුඩා දරුවන් අපයෝජනය කරන වැඩිහිටියෙකුට හිමිවන ද~ුවම කොතරම් බරපතළ වුවද කම් නැතැයි හැඟෙන්නේ එවැනි අපයෝජනයන් තුළින් දරුවෙකුගේ පෞරුෂයටවන හානිය පිළිබඳව සැලකීමේදීය. කුඩා දරුවෙකුගේ මොළය වර්ධනය වීමට පෙර ලබන ලිංගික අත්දැකීම් වැඩිවියට පත්වීමත් සමග නොයෙක් ලිංගික අවවර්තන ඇතිවීමට හේතු වේ. මෙය ඒ දරුවන්ගේ මුළු ජීවිත කාලයටම බලපාන කැලලක් වනු ඇත. කුඩා කාලයේ එවැනි අපයෝජනයන්ට ගොදුරු වූවන්ගේ පෞරුෂයේ විශාල අර්බුද හටගන්නා බව මනෝ වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබේ. වැඩිහිටියන් වී නොයෙකුත් ඛෙලහීනතාවයන්ට සේම අපරාධයන්ට යොමුවීම කෙරෙහිද කුඩා කාලයේ තමන් ගොදුරු වන අපචාර ක්‍රියාවන් හේතු වී ඇති බව හෙළිදරව් වී තිබේ.
Comments