නියෝජ්‍ය විදුහල්පති පාසල් සිසුවිය ලිංගික ඇසුරට අරන්

5 වසර පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සැකකරු ඊයේ (15) බලපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරීමට නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙම අපරාධය සිදුකර ඇත්තේ පෞද්ගලික උපකාරක පන්තියකදී බව හෙළි වී තිබේ.
සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා මීටියාගොඩ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.