පසුගියදා සිදුවූ රිය අනතුර ගැන උපේක්ෂා සත්‍යය හෙළිකරයි

කතා කරපු එක හොඳයි. මාධ්‍යය තුළින් සිද්ධියේ සැබෑ තතු හෙළි කරන්න ඒක මට අවස්ථාවක් වෙනවා. ඉතාම සුළු සිද්ධියක් තමයි මහ විශාල පුවතක්  විදියට මේ පැතිරිලා ගියේ. අන්තර්ජාල වබේ අඩවි මේ පුවතට විවිධාකාර මුහුණුවර දිලා තිබුණා...˜

—එදා දවසම අපි ගම්පහ ආශ්‍රිතව තමයි අපේ වැඩ කටයුතු සිදු කළේ. එදා ඒ යන අතරතුර තමයි අනතුර සිදුවුණේ. එතැන පාරේ වංගුවක් සහිත තැනක්. අපේ ජීප් රථය ඉදිරියට ත්‍රිරෝද රථයක් ආවා. එක්වරම ත්‍රිරෝද රථ රියැදුරා වැරදි පැත්තට හැරවීම නිසා අපේ ජීප් රථය දිහාට හැරිලා එය අපේ රථයේ වම් පැත්තේ ගැටුණා.˜

ඉන්පසුව මොකද වුණේ?
හැප්පුන පාරට ත්‍රිරෝද රථය පෙරළුණා. ත්‍රිරෝද රථය පිටුපස සිටි කෙනාට කිසිම අනතුරක් වුණේ නෑ. ත්‍රිරෝද රියේ රියැදුරා වැටීම නිසා හිස වැදිලා තුවාල වුණා. අපේ රථයේ වම් පැත්ත හානි සිදු වුණා. අපිට තුවාල සිදුවුණේ නැහැ.

ත්‍රිරෝද රථ රියැදුරා රෝහල් ගත කළ බවයි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්න ලැබුණේ
ඔව්, ඒක ඇත්ත. නමුත් ඔහුව රෝහලට රැගෙන ගිහින් රෝහල් ගත කළේ අපි.

අනතුරට වරදකරු ඔහුද?
වැරැද්ද ඔහුගේ. ඒත් ඒ මනුස්සය වැටිලා හිසෙන් ‍ලේ ගලනවා දැක්කම අපි මුලින්ම කළේ ඔහුව රෝහලට අරගෙන ගිය එක. ඒ පුද්ගලයා වකුගඩු ආබාධයකින් පෙළෙන කෙනෙක්. ඒ හිංදම ඔහුට රැකියාවක් අහිමි වෙලා. මම ඔහුට රැකියාවක් ලබාදෙන්න ‍පොරොන්දු වුණා. ඒත් රෝගාබාධය හිංදා රැකියාවකට සුදුසු මට්ටමක තමන් නැති බව ඔහු පැවසුවා. ඔහුව රෝහල් ගත කරලා අපි ‍පොලීසියටත් ගිහින් අදාළ කටයුතු කළා.

ත්‍රිරෝද රථ රියැදුරාට ඇති වූ තුවාලය බරපතළ එකක්ද?
නැහැ. හිස වැදිලා තමයි තුවාල වෙලා තියෙන්නේ. ඔහු දවස් කිහිපයක්ම රෝහල් ගත වෙලා සිටියා නේද?
ඔහුගේ  අර මුලින් කී රෝගී තත්ත්වයයි, අනතුරින් ඇති වූ තුවාලයයි දෙකම හිංදා තමයි එයාට දවස් කීපයක් රෝහ‍ලේ ඉන්න සිදුවුණේ.

රිය අනතුර නිසා ඔබට නීතිය ඉදිරියට යන්න සිදුවුණාද?
රටක පවතින සිවිල් නීතියක් තියෙනවා. ඒ අනුව අනතුරක් වුණාම ‍පොලීසියට යාම, උසාවි දාන එක සිදුවනවා. එය කාටත් ‍පොදුයි. ඒ හැරුණම අපේ පාර්ශ්වයන් දෙක අතර  ගැටීමක් ඇති වුණේ නැහැ. වරද ත්‍රිරෝද රථ රියැදුරාගේ වුණත් ඔහුගේ රෝගී තත්ත්වය හා දිළිඳුකම ගැන සිතලා මම ඔහුට මුදලින් පවා ආධාර කළා.

මේ රිය අනතුර ගැන වැරදි පුවත් මැවුණු බව උපේක්ෂා පැවසුවා...
මම රිය අනතුරකට බඳුන් වුණා කියලා ලොකු රාවයක් ගියා. මගෙන් බොහෝ අය ඒ ගැන විමසුවා. අනතුරින් අපේ ජීප් රථයටත් හානි වුණ හිංදා අපිට සිදුවුණා අපේ වාහනයත් ‍පොලීසියේ තියලා එන්න. පසුවදා සමහරු ‍පොලිසියට ගිහින් වාහනේ ඡායාරූප ගන්න.

වීඩියෝ කරන්න පවා උත්සහ කරලා තියෙනවා. ඒ වගේම තමයි ත්‍රිරෝද රථ රියැදුරාගෙ රෝගී තත්ත්වයයි අසරණ තත්ත්වයයි ගැන හිතලා මම ඔහු රෝහල් ගත කරලා ඒ සියලූ‍ම කටයුතු සිදුකළ හිංදා ඇතැම් තැන්වල සඳහන් වෙලා තිබුණේ රිය අනතුර මගෙ රියදුරුගේ වරදින් සිදුවූ බව. හැබැයි ඒ වෙලාවේ ත්‍රිරෝද රථය එකපාරටම මගෙ වාහනේට හැරෙද්දී මගේ රියැදුරා එකපාරටම වාහනේ නතර කරළා. නතර කළ වාහනේ තමයි ත්‍රිරෝද රථය හැප්පුණේ. අපේ වාහනේ ඒ වෙලාවේ එකපාරටම නතර කරන්නේ නැතුව ඉදිරියට ගියා නම් ඔය අනතුර ඔයට වඩා ප්‍රබල වන්නට තිබුණා.

Comments