හිමිවේ
කාන්තාවන් ගැන කතා කිරීමට රුචියක් දක්වන ප්‍රවාහන අමාත්‍යවරයා පසුගියදා ප්‍රසිද්ධ උත්සවයකදී ඔහුගේ පුතු වන සේනාල් වෙල්ගම ඉදිරියේදීද කාන්තාවන් ගැන කතාවක් පවත්වා තිබුණි.
තාත්තගේ කතාවෙන් අනතුරුව මයික්‍රෆෝනය අතටගත් වෙල්ගම අමාත්‍යවරයාගේ පුතු වන සෙනාල් කියා සිටියේ සිය පියාටද නොදවෙනි වූ කතාවකි.
ඒ තමා වටේ සිටින කාන්තාවන් ගැනත් තමාට විවාහ වීමට අවසර ලැබුණු මන්ත්‍රීවරිය ගැනත්ය.
ඒ අනුව වෙල්ගමගේ පුතු සිය පියාගේ මාර්ගයේම ගමන්කරන බව පැහැදිලිවේ. එම උත්සවයේදී අමාත්‍යවරයා හා ඔහුගේ පුතු කල කතාව මෙසේය.
ඇමති වෙල්ගම කළ කතාව
ලඅපි කාන්තාවන්ට හොඳට සලකන්න ඕන...මේක තමයි මගේ ප්‍රියතම විෂය... එහෙම නොවෙන්නත් විදියක් නෑනේ.. පිරිමියෙක් උනාම ආදරේ කරන්න ඕන කාන්තාවකටනේ.. නැත්තන් නපුන්සකයන්ටද ? එහෙම උනුත් ඉන්නවා... දැන් බලන්න මම උනත් කාන්තාවන්ට හොඳට සලකලා තියෙනවා..
අපේ කොල්ලා ඉන්න හින්දා මට කියන්නත් බෑ... එක්කෝ තව ටිකක් පරක්කු වෙලා එන්න තිබ්බනේ.. දැන් බලන්න අපේ පළාත් සභාවේ කාන්තාවෝ කොච්චර අඩුද කියලා... දැන් බලන්න මගේ කොල්ල ගියා පළාත්සභා.. ඌත් කැමතියි කාන්තාවන් හිටියනම් තාත්තා වගේ..
වෙල්ගමගේ පුත් සොනාල් කළ කතාව
පළාත් සභාවේ මා ගාව ලගින්ම ඉදගන්නේ මල්ෂා කුමාරතුංග, සමන්මලී සකලසුරිය, ඒ වගේම අපේ ඇමතිතුමා මට විශේෂ අවසරයක් ලබා දුන්නා අනාගත ලේලි වශයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට.
එහි වීඩියෝව බලන්න පහතින්
Comments