සන්ධාන මන්ත‍්‍රී පහර දීලා.. බි‍්‍රතාන්‍යයේ මහ කොමසාරිස් ක‍්‍රිස් නෝනිස් ඉල්ලා අස්වේ..

සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විසින් කල පහරදීමක් හේතුවෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
ඒ සඳහා වූ ඉල්ලා අස්වීමේ ලිපිය විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දී ඇති බවද වාර්තා වෙයි.
අදාප පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයා විසින් මෙම පහර දීම කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටි අවස්ථාවේ යයිද කියැවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පල කිරීම ක්‍රිස් නෝනිස් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.


Comments