මර්වින් ජන්මේ බේරා ගනී
කැළණිය වේවැල්දූව ගමේ පවත්වාගෙන යන හෝටලයක් නිසා ඒ ගමේ ජනතාවට බාධා රැසක් එල්ලවූ බව පවසමින් ගම් වැසියෝ ඊයේ විරෝධතාවයක නියැළුනා.මෙසේ විරෝධතාවයේ නියැළුනු ගම්වාසින් කිරිබත්ගොඩ පොලිසියටද ගියා.
විරෝධතාකරුවන් මෙම විරෝධතාවය ආරම්භ කලේ කැළණිය වේවල්දූව ඥනවිමල විහාරස්ථානයේ සිටයි.එහිදි විරෝධතාවයේ නියැළුණු භික්ෂුන් වහන්සේලාද සදහන් කලේ ගැහැණු දරුවන් මේ නිසා ඉතාමත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.මෙම ස්ථානයට ඊයේ ඇමති මර්වින් සිල්වා පැමිණි අතර එහිදී අමාත්‍යවරයා සදහන් කලේ තමා දවල් 12න් පසු ඥනවිමල විහරස්ථානයට පැමිණෙන බවයි.නමුත් එය එලෙස සිදු කිරීමට අමාත්‍යවරයාට හැකියාවක් නොලැබුණු අතර එහිදී අමාත්‍යවරයා ජනතාවට දැනුම්දී තිබුණේ අද තමන් ඒ සදහා විසදුමක් ලබා දෙන බවයි.
එය ඒ ආකාරයට විසදීමට අමාත්‍යවරයා අද කටයුතු කලා.එම ස්ථානයට ගොස් එම හෝටලය වසා දැමීමට අමාත්‍යවරයා කටයුතු කලා.