පියයුරු මිරිකා ලිංගික අතවර කරන්න ගිය කොස්තාපල්ට දතක් කැඩන්න පහර දීල.             ගල්කිස්ස මුහුදු වෙරළ අසල අවන්හලක පැවැති සාදයක දී කාන්තාවකගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් කළ කොස්තාපල්වරයකු එම කාන්තාව විසින් දතක් කැඩෙන ලෙස පහරදී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවැසීය’ ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයකු මේ පහර කෑමට ලක්ව තිබේ’ පසුගිය දිනක ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ගල්කිස්ස අධිකරණයේ සේවකයන් පිරිසක් සමග ගල්කිස්ස මුහුදු වෙරළේ අවන්හලක සාදයක් පවත්වා ඇත’එම සාදයේ දී අධික ලෙස මත්පැන් පානයකර සිටි මේ කොස්තාපල්වරයා අසල පිහිටි අවන්හලකට ගොස් එහි සිටි කාන්තාවකගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදුකර ඇත’ එම අවස්ථාවේ කෝපයට පත් කාන්තාව කොස්තාපල්වරයාගේ දතක් කැඩෙන සේ පහරදී ඇති බව පැවැසේ’

මව්බිම          

Comments