ඇයි දරුවනේ උඹලා මට මෙහෙම කළේ ?

ඇසිඩ් ගැසූවන්ගෙන් උතුරු මැද ආයුර්වේද කොමසාරිස් හඬමින් විමසයි

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් තිදෙනා විවෘත අධිකරණයේදී අද හඳුනා ගැනුනා. එ් සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අනුරාධපුර මහාධිකරණයේදී විවාදයට ගැනුන අවස්ථාවේදීයි. විත්තිකරුවන් තිදෙනා හඳුනා ගැනීමෙන් අනතුරුව කුමාර අල්විස් මහතා අධිකරණයේදී හඬා වැලපී තිබෙනවා.
HTML5 Icon

Comments