Skip to main content
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින රවිඳු වාස් ගුණවර්ධන බන්ධනාගාරයේ සිටියදී නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකතනයක් භාවිත කරමින් වයඹ පළාත් සභා මන්ත්‍රි පියුමාල් හේරත් මහතා ඇතුළු කිහිපදෙනකුට ඇමතුම් ලබාගෙන තිඛෙන බව රහස් පොලිසිය සිදු කළ විශේෂ පරීක්ෂණයකදී හෙළිදරව් වූයේ යැයි නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත ඊයේ (04දා) දන්වා සිටියේය.
ඊට අමතරව රවිඳු වාස් ගුණවර්ධන නමැති සැකකරු අදාළ ජංගම දුරකතනය භාවිත කරමින් බන්ධනාගාරයේ සිට ඔහුගේ මව වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු පිරිසකටද ඇමතුම් ලබාගෙන තිඛෙන බව රහස් පොලිසිය හෙළි කරගෙන ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය වෙත දන්වා සිටියාය.
විත්තිකාර රවිඳු වාස් ගුණවර්ධන රිමාන්ඩ් භාරයට පත් කර ලබන 07 වැනිදාට වසරක් ගතවන හෙයින් ඔහුව තවදුරටත් මාස තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලමින් අයේෂා ජිනසේන මහත්මිය එම කරුණු දැක්වීම කළාය.
විත්තිකරු රිමාන්ඩ් භාරයේ තබන ඉල්ලීමට සහ ඒ සම්බන්ධයෙන් දැක්වූ කරුණුවලට දැඩි ලෙස විරෝධය පළ කළ විත්තිකරුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
රවිඳු වාස් ගුණවර්ධන ඇප මත මුදා හරිනවාද, නැද්ද යන්න තීන්දුව ලබන 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළහ.
මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන රෝහි” වල්ගම (සභාපති විනිසුරු) ලලිත් ජයසූරිය, ලියොන් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, රවිඳු වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව පවරා තිඛෙන නඩුව ලබන 25 වැනිදා කැඳවීමටද විනිසුරු මඬුල්ල තීරණය කළහ.
කසුන් චතුරන්ග
Comments