පාසල් නිවාඩුවට ආ දැරියක් ගණිකා සේවයේ යොදවලා



සම්බාහන ආයතනයක් මුවාවෙන් හඹරණ නගරයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි ගණිකා සේවයේ යොදවා සිටි 14 හැවිරිදි දැරියක් හා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ ගණිකා සේවයේ යොදවා ඇත්තේ ආනමඩුවේ සිට පාසල් නිවාඩුවට හඹරණට පැමිණි දැරියකි. අදාල සම්බාහන ආයතනයේ හිමිකරු මීගමුවේ පදිංචිකරුවෙක් බව පැවසේ. දැරිය ඊයේ දිනයේදී පස්වරු 6 සිට 9 දක්වා පැය තුනක කාලයේදී වැඩිමහළු පිරිමින් දෙදෙනෙකු සමඟ ලිංගිකව හැසිරී ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මේ සම්බාහන ආයතනය ලියාපදිංචි නොකළ එකක් බවත්, එහි හිමිකරුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙන කාන්තාවක් විසින් දැරිය මේ ගණිකා නිවස වෙත ආනමඩුවේ සිට කැඳවාගෙන ඇති බවද හෙලිව තිබේ. අදාල වැටලීම හඹරණ පොලිසියේ ස්ථානාධිපති පී මානවඩු මහතාගේ මූලිකත්වයෙන් සිදුකර ඇත. ඡායාරූපවල සුදු පැහැති කමිසයෙන් සැරසී සිටින්නේ මෙහි හිමිකරුය ඡායාරූප හා සටහන - කසුන්


Comments