15 හැවිරිදි සිසුවිය 30 හැවිරිදි එක දරු පියා සමග...
බිරිඳ බව හඟවමින් පාසල් දැරියව තැන්තැන්වල ගෙනගිය එක් දරු පියා දැලේ
10 වන ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි පාසල් දැරියක් සමග විවාහක ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ 30 හැවිරිදි එක්‌දරු පියකු සියඹලාණ්‌ඩුව මහකලුගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව සියඹලාණ්‌ඩුව පොලිසිය කියති.
මෙම දැරියගේ දෙමාපියන් වෙන්වී ඇති අතර මව සමග සහ අක්‌කලා දෙදෙනකු සමග මොවුන් ජීවත්ව සිට ඇත. දැරියගේ අක්‌කලා දෙදෙනා පෞද්ගලික ආයතනවල රැකියාව කරයි.
මේ අයට නවාතැන් ගැනීමට කුලී නිවසක් සොයමින් සිටියදී සැකකරු මැදිහත් වී කුලී නිවසක් සොයා දී ඇත. ඉන්පසු සැකකරු විසින් වරින්වර පැමිණ මෙම දැරියව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌කර ඇත.
පසුව එම දැරිය කුලී නිවසේ සිටීමට නොහැකි බවත් කොහේ හෝ ගෙනවිත් දමන ලෙසට සැකකරුට පවසා ඇත. පසුව සැකකරු විසින් දැරියව මහකළුගොල්ල ප්‍රදේශයට රැගෙන විත් එක්‌කරා නිවසක සතියක පමණ කාලයක් නවාතැන් ගෙන ඇත්තේ දැරිය ඔහුගේ බිරිඳ වශයෙන් හඳුන්වා දෙමිනි.
පසුව එම නිවසින් වෙනත් නිවසකට දැරිය රැගෙන ගොස් නැවති සිට ඇති අතර එහිදී කෙසේ හෝ පොලිසියට තොරතුරු ලැබීමෙන් පසුව දැරියව සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
- සේපාල මහානාම, - කේ. එම්. පී. බණ්‌ඩාර