එළුවන් 15 ක් පටවන්න පුළුවන් ලොරියේ එළුවන් 72 ක් පටවලා..


යාපනය සිට පුත්තලම දක්වා නීති විරෝධී ලෙස එළුවන් ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසියට ඇති වූ සැකයක් මත මෙම ලොරිය පරික්ෂා කර ඇති අතර සාමාන්‍යයෙන් එළුවන් පහළොස් දෙනෙකු (15) පටවා යා හැකි ලොරියක එළුවන් 72ක් පටවා ගොස් ඇත.
මෙහිදී අත්අඩංගුවටගත් ලොරි රථයේ රියදුරු ඇතුළු අනෙකුත් පුද්ගලයින් තඹුත්තේගම උසාවියට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතය.මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නොච්චියාගම පොලිසිය විසින් පවත්වාගෙන යයි.