ජූලම්පිටියේ අමරේට වසර 28 හමාරක සිර දඬුවම්.

මිද්දෙනිය – ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත්, ජූලම්පිටියේ අමරේට මොණරාගල පළාත්බඳ මහාධිකරණය බරපතල වැඩ සහිතව වසර 28 හමාරක සිර දඩුවම් නියම කර තිබෙනවා.
ඒ, විරුද්ධවාදියෙකුගෙන් පළි ගැනීම සඳහා ඔහුගේ ඥාතියෙකුගේ නිවසකට සහ වෑන් රථයකට ගිනි තබා විනාශ කිරීමේ චෝදනාවටයි. එමෙන්ම වින්දිත පුද්ගලයාට රුපියල් ලක්ෂ 24ක වන්දියක් ගෙවන ලෙසට ද මොණරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කළා.
මෙම වසර විසි අටහමාරක සිර දඩුවම වසර දොලහමාරකින් ගෙවී යන ලෙස කි‍්‍රයාත්මක කරන්නැයි නියෝග කළවිනිසුරුවරයා විත්තිකරුට නියම කළ රුපියල් ලක්ෂ 24ක වන්දි මුදල නොගවන්නේ නම් වසර 8ක අමතර සිර දඩුවමක් නියම කළා. 2011 වසරේ අපේ‍්‍රල් මස 8 වන දා අරඹේගම – හම්ඹේගමුව ප‍්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.
මීට පෙර හම්බන්තොට – කටුවන රැස්වීමකට වෙඩි තබා කාන්තාවක් ඇතුලූ දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට ජුලම්පිටියේ අමරේ නැමැත්තාට වසර 12 ක සිරදඬුවම්  නියම වුණා.

Comments