පගාකාර ASP ගෙන් පොලිස් පොඩ්ඩන්ට අයුතු බලපෑම්!
පගාකාර ASP ගෙන් පොලිස් පොඩ්ඩන්ට අයුතු බලපෑම්!
නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ නුගේගොඩ නාගරික ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී (ASP) රොෂාන් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් මිරිහාන, නුගේගොඩ පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් පොඩ්ඩන්ට ඉමහත් කරදරයක් වී ඇති බව එකී පොලීසිවල සේවය කරන පොලිස් පොඩ්ඩන් ‘ඊතලය නිවුස් ' වෙත සැලකර සිටී.
තමන්ගේ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සිදු කිරීම සඳහා ඔහු තම වාසගම වන ‘රාජපක්ෂ' නාමය බියෙන් සැකෙන් තොරව උපයෝගී කර ගන්නා අතර, තමන් මිරිහාන පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකයා ලෙස (HQI) සේවය කිරීමෙන් අනතුරුව අල්ලස් ගැනීමේ චෝදනාව මත ස්ථාන මාරුවක් ලබා දුන්නද, නැවතත් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස නුගේගොඩ පොලිස් වසම භාරව පත්කරනු ලැබුවේ තම ඥාති සහෝදරයෙකු වන දේශපාලනයට සම්බන්ද අයකු විසින් බව රොෂාන් රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටිනා බව පොලිස් පොඩ්ඩන් සඳහන් කරති.
නුගේගොඩ පොලිස් බල ප්‍රදේශය තුල විවිධ ව්‍යාපාරික ස්ථානවලින් මාසිකව නීති විරෝධී ආකාරයට මුදල් ලබාගෙන එම ව්‍යාපාරික ස්ථානයන්ට පොලිස් ආරක්ෂක සටහන් පොත් හදුන්වා දීම මෙම සහකාර පොලිස් අධිකාරීවරයා සිදුකරනු ලබන අතර ඒ ආකාරයට නුගේගොඩ ‘මනෝමා ජුවලරි' හා ‘නිලේකා ජුවලරි' ස්වර්ණාභරණ වෙළඳසැල් වලට කිසිදු ආරක්ෂක හේතුවකින් තොරව වුවද පොලිස් පොත් දැමීම මෙයට නිදසුනක් බව පොලිස් පොඩ්ඩන් පෙන්වා දෙති.
එමෙන්ම නුගේගොඩ නාවල පාරේ අංක 59, ස්ථානයේ පවත්වාගෙන යනු ලබන ‘සිල්වර් ස්පා' රාජගිරිය අතුළුකෝට්ටේ පාරේ 338/2 ස්ථානයේ පවත්වාගෙන යන ‘නැචුරල් ස්පා' සහ තලවතුගොඩ බොරුල්ල පාරේ අංක 72/2, ස්ථානයේ පවත්වාගෙන යන ‘සෙලීනා ස්පා' නැමති නීති විරෝධී සම්බාහන ආයතනවලින් මසකට රුපියල් 50,000 බැගින් සහකාර පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ ලබා ගන්නා බවත් ඊට අමතරව එම සම්බාහන ආයතනවලින් ඒවායේ සේවය කරන තරුණ රූමත් කාන්තාවන් ලබා ගැනීම සහකාර පොලිස් අධිකාරීවරයා සිදුකරන බව තමන්ට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව පොලිස් පොඩ්ඩන් අවධාරණය කරති.
මෙම සහකාර පොලිස් අධිකාරීවරයාගේ අල්ලස් එකතු කිරීමට සහාය නොදැක්වීම නිසා නුගේගොඩ පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කළ පොලිස් පරීක්ෂක ඒකනායක බොරු චෝදනා පටලවා එම ස්ථානයෙන් ඉවත් කර ඇත. ව්‍යාපාරික ස්ථානවලට පොලිස් පොත් දමා පොලිස් ආරක්ෂාව සපයන බව කියා එකී ව්‍යාපාරික ස්ථානවලින් මාසිකව රුපියල් 30, 000 බැගින් ලබා ගනිමින් සහකාර පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුල ‘රාජපක්ෂ සලකුණ' තබා ඇති බව පොලිස් පොඩ්ඩන් වැඩිදුරටත් සඳහන් කර සිටිති.