ඇමති ලක්ෂමන් යාපාගේ සැක කටයුතු කන්ටේනර් දෙකක් රේගුව මුදාහැරලා..
සැකයට භාජනයවී තිබූ ආයෝජන ප්රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලක්ෂ්මන් යාපා පදනමට ගෙන් වු කන්ටේනර් දෙකක් මුදාහැර ඇතැයි රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අඩි 40X20 ප්රමාණයේ මේ කන්ටේනර් දෙකේ ජපානයේ පාවිච්චි කළ බයිසිකල් 200ක් වු බව පැවසේ.මෙම කන්ටේනර් දෙක රඳවාගෙන ඇත්තේ ඉන් එකක පාවිච්චි කළ වාහන දෙකක අමතර කොටස් ඇතැයි යන සැකය මතය.සැකයට ප්රධාන හේතුව වුයේ බයිසිකල් 200කට එක කන්ටේනරයක් ප්රමාණවත් නිසා යැයි රේගුව කියයි.
කන්ටේනර එක්ස්රේ පරීක්ෂණයේදී මොටර් රථ අමතර කොටස් තිබුණු බව පෙනුණේ යැයි රේගු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.කන්ටේනර පරීක්ෂා නොකරම සිකුරාදා (31) ඒවා මුදාහළ බවත් බඳු වශයෙන් රුපියල් 436,571 ක් ගෙවු බවත් වාර්තා වේ.
අබේවර්ධන මහතා පවසා ඇත්තේ මේ කන්ටේනර් පෙට්ටිවල ඇත්තේ තම පළාතේ දුප්පතුන්ට ඛෙදා දීමට ගෙන්වූ බයිසිකල් බවයි.මොටර්රිය අමතර කොටස් එහි නැතැයි ද හැම බයිසිකලයකටම ඉදිරියෙන් බාස්කටයක් ඇති නිසා කන්ටේනර් දෙකක් යොදාගත් බව ද ඔහු පවසා තිබේ.