හෙරොයින් ජාවාරම්කරුවෙකුට 40 වසරක සිරදඬුවම්.





හෙරොයින් ජාවාරමේ නිරත වීම සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල මහාධිකරණයෙන් අද වසර 40 ක සිරදඬුවම් නියම කළා. මෙම චෝදනා දෙකට අදාළව අධිකරණයට ඉදිරිපත් කර තිබූ සැකකරුට ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.ඞී.කේ හිරිඹුරේගම දඬුවම නියම කළේ එක් වරදකට වසර 20 බැගින් වන ලෙසයි. එය වසර 20 කින් ගෙවී යන පරිදි ප‍්‍රකාශයට පත් කිරීම ද විශේෂත්වයක්. ඊට අමතරව ඔහුට රුපියල් 20,000 ක දඩයක් ද නියම කර තිබෙනවා. 2011 වසරේ අගෝස්තු මස 27 වැනිදා හෙරොයින් ග‍්‍රෑම් 3යි මිලිග‍්‍රෑම් 38 ක් බස් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි අත්අඩංගුවට ගත් මෙම සැකකරු බද්දේගම - හල්පාතොට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.