දෙහිවලින් අතුරුදන්වූ සුදු නයා මල්ලකින් පැමිණෙයි               

    දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන්වූ සුදු නයා මල්ලක දමා නැවත සත්වෝද්‍යාන භූමියට විසිකර තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා. එම උද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ ප‍්‍රකාශ කළේ නයාට හානියක් සිදුව නොමැති බවයි. එහෙත් නයාගේ ශරීරයේ කුඩා තුවාලයක් තිබෙන බව ඇය සඳහන් කළා. මෙම සුදු නයා සොයාගෙන ඇත්තේ පක්ෂීන් සංදර්ශන සඳහා පුහුණු කරන ප‍්‍රදේශයට විසිකර දමා තිබියදියි. පසුගිය සිකුරාදා සහ ඉරිදා රාත‍්‍රි කාලය අතරතුර මෙම නයා අතුරුදන්වන්නට ඇති බවට සැක කරන බවයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය සඳහන් කළේ. කෙසේ වෙතත් නයා නොමැති බව අනාරවණ වූයේ පසුගිය සඳුදා දිනයේයි.

Comments