කාන්තාවකගේ මළ සිරුරක් කාමරයක් තුල අනුභව කරමින් සිටි පුද්ගලයෙකු හමුවෙයි
හෝටල් කාමරයක් තුල මිනීමස් අනුභව කරමින් සිටියදි පොලිස් විදුලි යෂ්ටි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරණයට පත් විමේ පුවතක් දකුණු දිග වේල්සයෙන් වාර්තා වේ’ මෙලෙස මීය ගිය පුද්ගලයා නමීන් මැතිව් විලියම් නම් වු 34 හැවිරිදි පුද්ගලයෙකි’
මෙම පුද්ගලයා කාන්තාවක් සම`ග හොටෙල් කාමරයට ගොස් ඇති අතර මොහුගේ හැසිරිම පිළිබඳ එහි සේවයේ යෙදි සිටි ආරක්ෂක නිළධාරින්ට සැක සහිත බවක් ඇතිවී ඇත’ එම නිසා මොහුගෙන් කාමරය පරික්ෂා කිරීමට ආරක්ෂ නිළධාරීන් අවසර ඉල්ලා ඇති අතර මොහු එම ඉල්ලිම දැඩි ලෙස ප්‍රතිෂේප කර තිබේ’
සැකය ඔස්සේ වහාම කියාත්මක වු එහි ආරක්ෂකයින් පොලීසිය හෝටලය වෙත කැඳවා ඇත’ පොලිසිය මැතිව්ගේ කාමරයට කඩා පනින විට දර්ශනය වී ඇත්තේ මුහුණේ මස් කෑමෙන් විකෘතිව ගිය කාන්තා මළ සිරුරක් ඇඳ මත තිඛෙන අකාරය හා ඒ අසල සිට ඇයගේ ඇසේ බොලයක් තලුමරමීන් ආහාරයට ගනිමීන් සිටි මැතිව්ය’
පොලිසිය දැක කලබලයට පත්වු ඔහු පොලීසියෙන් මීදි පලායාමට උත්සාහ කර ඇති අතර එහිදි පොලිසිය විසින් එල්ල කල විදුලි යෂ්ටි ප්‍රහාරයකින් මැතිව් ජිවිතක්ෂයට පත්ව ඇත’ එසේම මෙලෙස මිනිමස් ආහාරයට ගනිමින් සිටි මොහු මින්පෙර යම් අපරාධයකට වසර 5ක් සිරගතව සිටි අයෙකු බව වැඩි දුරටත් එරට මාධ්‍ය මගින් අනාවරණය කර ඇත’