රට විරුවන්ට දෙන වාහන බලපත්‍රයේ විස්තර මෙන්න



විදේශ රටවල සේවය කරමින් මෙරටටවිදේශීය විනිමය උපයාදෙන ශ්‍රමිකයින්ට කරන උපහාරයක් ලෙසින් 2015 අයවැය මගින්ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ තීරු බදු රහිත වාහන බලපත්‍ර ක්‍රමයක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් මේ වනවිට විශේෂඅධ්‍යනයක් සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.
විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් විසින් පසුගිය අගෝස්තු මාසයේදීමෙරටට ඩොලර් මිලියන 548 ක විදේශ විනිමය ඒවා තිබූ අතර 2013 අගෝස්තු මාසය සමගසැසඳීමේදී එය සියයට 1.5 ක වර්ධනයකි.
මේ වසරේ මුල් මාස අට තුළදී විදේශ ගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් මෙරටටඩොලර් බිලියන 4.5 ක විදේශ විනිමය ඒවා තිබෙන අතර එය ගිය වසර සමග සැසඳීමේදීසියයට 10 ක වර්ධනයක් වේ.
මෙම අයවැය යෝජනාවට අනුව විදේශීය රටවල සේවය කරන පුද්ගලයින් මෙරටට එවාතිබෙන විදේශ විනිමයෙන් සියයට 60 ක වටිනාකමට සමාන වාහනයක් තීරු බදු රහිතවමිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබේ.
අතීතයේ සිටම මෙරටට විදේශ විනිමය ලබාදුන් පිරිසට මෙම සහනය ලබාදෙනවාද, නැතිනම්යම් කාලයකින් පසුව පමණක් මෙම සහනය ලබාදෙනවාද යන කාරණා පිළිබඳව මුදල්අමාත්‍යංශයේ අවධානය මේ වනවිට යොමුව තිබේ.
මීට අමතරව, විදේශ විනිමය යම් සීමාවක් සඳහා පමණක් මෙම සහනය ලබාදෙනවාද යනකාරණය පිළිබඳවත් මුදල් අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබෙන අතර කඩිනමින් මේසම්බන්ධයෙන් අවසාන තීරණ ගෙන මෙම සහනය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අදහස්කර ඇත.