ජයලාලිතා ඇප මත නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – තමිල්නාඩු හිටපු මහඇමති ජයලලිතා ජයරාම්ට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ඇප ලබාදී තිබේ.
ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කලේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇයව මෙලෙස ඇප මත නිදහස් කර තිබෙන්නේ  දෙසැම්බර් 18 වන විට  ඇය විසින් ඉදිරිපත් කළ යුතු ලියවිලි කිහිපයක් අධීකරණයට ඉදිරිපත් කළ යුතුව තිබෙන බවයි. ඒ අනුව ඇයට එදිනට අදාළ ලියවිලි ඉදිරිපත් කළ නොහැකි වුවහොත් ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. කෙසේ වෙතත් ජයලාලිතා ජයරාම්ගේ ශරිර සෞඛ්‍ය ද බන්ධනාගාරයේ සිටිමේදී අහිතකර තත්ත්වයක් ඇති බව ඇයගේ වෛද්‍ය වාර්තා මගින් තහවුරුව තිබේ. ඒ අනුව ඇයට ලබන දෙසැම්බර් 18 වනදා දක්වා කොන්දේසි සහිතව ඇප මත නිදහස් කර තිබේ.