මහේලගේ සමුගැනීමට මුරලිගේ ප‍්‍රතිචාර

                 මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමෙන් සමු ගැනීම ගැන හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් අදහස් පල කරයි.
‘මහේල ශ‍්‍රී ලංකාවට ක‍්‍රීඩාකළ ශ්‍රේෂ්ඨ ක‍්‍රීඩකයෙක්. ඔහුට අගනා වාර්තා තිබෙනවා. මහේල මගේ රැකියාව (පන්දු යැවීම) පහසු කළා. මොකද ඔහු දිගු ඉනිම් ක‍්‍රීඩා කරන නිසා මට වැඩිපුර පන්දු යැවීමේ අවස්ථා හිමිවුණා. ඔහු කණ්ඩායමට පැමිණි අවස්ථාව කණ්ඩායමට එකතු වෙන්න අපහසු අවස්ථාවක්. මොකද ඒ වනවිට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් සිටියා’.
මම ඔහුව ස්ලිප්වලට යොදාගන්නවා. මොකද ඔහු ඉතාමත් ඉක්මනින් ප‍්‍රතික‍්‍රියා දක්වනවා. හොද තාක්ෂණයක් හා හොද අතක් ඔහුට තිබෙනවා. ස්ලිප් සිට දඟපන්දු යවන්නෙකුගේ උඩ පන්දුවක් ලබාගන්නවා කියන්නේ අපහසු දෙයක්. ඔහු ස්ලිප්වල හිටියා කියන්නේ මට පහසුවක්. ඔහු සෑම ක‍්‍රීඩකයෙකුටම විශ්වාසය දුන්නා. විශේෂයෙන්ම තරුණ ක‍්‍රීඩකයන්ට. ක‍්‍රීඩාගාරයේදී ඔහු නිහ`ඩ චරිතයක්. නමුත් ක‍්‍රීඩා පිටියේදී ඔහු ඊට හාත්පසින්ම වෙනස්’ යයි ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය හා අදහස් පල කරමින් මුරලි කියා සිටී.

Comments