දඩ මුදල් ගෙවන අලුත්ම ක්‍රමය මෙන්න


රථවාහන වැරදිවලදී දඩ ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඞ් සහ ජංගම දුරකථන මගින් මුදල් ගෙවීමේ ක‍්‍රියාවලියක් හඳුන්වා දීම පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. කොළඹ ඊයේ (16) කැඳවා තිබු මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙහි අරමුණ බවයි. 

මේ අතර, වසරේ ගතවූ කාලය තුළ රථ වාහන අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1972ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ ති‍්‍රරෝද රථ, යතුරුපැදි ආදී කුඩා වාහන විශාල වාහනවල ගොදුරක් බවට පත්ව ඇති බවයි. පොලිස් මූලස්ථානයේ ඊයේ දහවල් පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියා.