පිහි පහර කෑ දූෂකයා මරුදකී

කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලදි අද (25) පෙරවරුවේ තියුණු ආයුධයකින් සිදුකළ පහරදිමක් හේතුවෙන් එක් අයෙකු පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා 01/04 ගෝල්ඩ් පටුමග, කොළඹ 15 පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

නඩු විභාගයක් සඳහා පැමිණි දෙපාර්ශවයක් අතර හටගත් ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

එම පහරදීමෙන් තුවාල ලැබු පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

මෙම සිද්ධියට හේතුවී ඇත්තේ දුව දූෂණය කළ සැකකරුට අධිකරණය මගින් ඇප නියම කර අධිකරණ භූමියෙන් පිටතට පැමිණීමේදී පියා විසින් සැකකරුට පිහියෙන් ඇන පළා යාම බව වාර්තා වෙයි. 

පසුව පළාගිය පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


Comments