ජර්මනියේ හැම්බර්ග් එපෙන්ඩෝර්ෆ් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කාන්තාවන්ගෙන් 3%ක ප්‍රමාණයක් උග්‍ර කාමුකත්වයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා. ජර්මනියේ හැම්බර්ග් එපෙන්ඩෝර්ෆ් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කාන්තාවන්ගෙන් 3%ක ප්‍රමාණයක් උග්‍ර කාමුකත්වයෙන් පෙළෙන බව අනාවරණය වී තිඛෙනවා.ඒ සදහා ඔවුන් කාන්තාවන් 1000ක ගෙන් පමණ ඔවුන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ ප්‍රශ්න යොමු කර ඇතැයි පැවසෙන්නේ. හැගීම් පාලනය කිරීම සඳහා ලිංගික හැසිරීම් භාවිතා කිරීම, පාලනයකින් තොරව ලිංගිකව හැසිරෙන්නේ ද සහ රැකියාවට අධ්‍යාපනය ලිංගික අවශ්‍යතාවයන් බලපාන්නේද ආදී ප්‍රශ්න 19ක් මෙලෙස යොමු කර ඇත.
එමෙන්ම මෙම සමීක්ෂණය මගින් අති කාමුකත්වය සහිත කාන්තාවන්ගේ ලක්ෂණ යයි පැවති අදහස් ගණනාවක් බිඳ වැටුණු බවද එම වාර්තාවේ දැක්වෙනවා.උග්‍ර කාමුකත්වයෙන් පෙළෙන පිරිමින්ට සමාන ලක්ෂණ කාන්තාවන් ගෙන්ද ප්‍රකට වන බව හෙළිවී ඇති නමුත් පිරිමින්ගෙන් වෙනස් ලෙස මෙවැනි තත්ත්වයක පෙළෙන කාන්තාවන්ගෙන් බහුතරයක් ද්විලිංගිකයින් බව නිරීක්ෂණය වී තිඛෙනවා.උග්‍ර කාමුකත්වයෙන් පෙළන පිරිමින් සියල්ලම පාහේ විරුද්ධ ලිංගිකයන් බව පැවසෙනවා. විද්‍යාඥයින් පවසන්නේ මෙම තත්ත්වයෙන් පෙළෙන්නන් ප්‍රතිකාර සඳහා එක්විය යුතු බවයි. වැඩි දුරටත් අදහස් දක්වන ඔවුන් පවසන්නේ වැඩි වාරයක් ස්වයං මෛථුනයේ යෙදීම, කාමුක සිනමා නැරඹීම සහ ලිංගික සහකරුවන් වැඩි ගණනක් ඇසුරු කිරීම මෙවැනි කාන්තාවන්ගේ ස්වභාවය බවයි.
Comments