ලොරියක් කෝච්චි පාරේ යයි කොළඹ - බදුල්ල දුම්රිය ධාවනයට බාධා

බණ්ඩාරවෙල, කොලතැන්න දුම්රිය හරස් මාර්ගය අසලදී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් දුම්රිය මාර්ගයේ සිරවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මේ නිසා දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණහිට ඇති බවයි. බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 11 ට පිටත් වූ භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය මේ නිසා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා. ලොරි රථය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියාසිටියේ.



Comments