කොස්තාපල්වරියන්ට බැල්ම ‍හෙළන ‍පොලිස් ‍ලොක්කා


හැට පැන ‍‍හොට බිම ඇන ගැනීමට ආසන්න වය‍සේ පසුවන ඔහු ‍පොලීසි‍යේ උසස් නිලධාරි‍යෙකි” පුද්ගලයකු‍ගේ සිරු‍රේ අවයවයකට හානි කිරී‍මේ සිද්ධියකට කාලයක ඉස්සර සම්බන්ධ වීම නිසා ‍‍මොහු ‍පොලීසි‍යේ ‍බො‍හෝ ‍ දෙ‍නෙකු හදුන්වනු ලබන්නේද එම අවයව‍යේ නම ඉදිරියට දමාය” ඒ නිසා ‍උසස් ‍පොලිස් නිලධාරියා ගැන නොදන්න ‍කෙ‍නෙක් ‍නොමැත’


හැට පැන පොලීසි‍යෙන් සමු‍ගෙනයාමට තව එතරම් කාලයක් ‍නොමැති ‍මේ ‍ පොලිස් ‍ලොක්කා ‍නොම්මර එ‍කේ අනංගයකු ‍ලෙස ප්‍රසිද්ධියක් උසුලන බවද පැව‍සේ” ඇහට කනට ‍පෙ‍නෙන ටිකක් උස මහත ‍පොලිස් නිලධාරිනියන් දැක්කාම පවා ‍මොහුට ‍කෙළ හැ‍ලෙන්නේ ඉ‍බේටම වා‍ගේය” සමහර ‍පොලිස් නිලධාරීනියන් දැ‍ලේ දාගන්නේ තම නිල බලය ඉදිරියට දා‍ගෙනය” ‍මේ ‍පොලිස් ‍ලොක්කාට ඇති බිය නිසා සමහර ‍පොලිස් නිලධාරිනියන් ඔහුට අවනත වූ අවස්ථාද ඕනෑතරම් ඇති බව දැනගැනීමට ඇත”

කුකු‍ළෙක් බව දන්න නිසා ඇතැම් ‍පොලිස් නිලධාරීනියන් ඇග බේරා‍ගෙන වැඩ කරන්නේ සුළු නිලධාරිනියන් සතුව ඇති හැටහතර මායම්වලින් එකක් ‍දෙකක් දමා යැයිද කියති” ‍මේ ‍පොලිස් ‍‍ලොක්කා යට‍තේ ‍සේවය කරන ‍පොලිස් නිලධාරිනියකට ඇහැගහ‍ගෙන සිටියේ අවස්ථාවක් ලැබුණු පසු ග්‍රහණයට අසුකර ගැනී‍මේ බලා‍පො‍රොත්තු‍වෙනි” ඒ ‍මේ ‍පොලිස් ‍ලොක්කා‍ගේ යටිහි‍තේ නලියමින් තිබූ ආශාවන් ඉටුකර ගැනීමටය’

මට ‍මේ නම්බර් එකට ‍කෝල් එකක් අරන් ‍දෙනවා යැයි ‍‍පොලිස් ‍ලොක්කා ‍පොලිස් නිලධාරිනියට කී‍වේ ‍බොරු ගාම්බීර භාවයක්ද ආරූඨකර ගිනිමිනි” ‍ෆෝන් එක ඇත්තේ ‍ලොක්කා‍ගේ ‍මේසය මතය” ‍ලොක්කා‍ගේ අණට කීකරුවී නම්බර් එක ඉල්ලා‍ගෙන ඇමතුමක් ලබාගැනීමට ‍පොලිස් ‍නිලධාරිනිය සැරසුනාය” ‍පොලිස් ‍ලොක්කා‍ගේ ‍ගොරහැඩි අත ‍පොලිස් නිලධාරිනි‍ය‍ගේ සියුමැලි අත හයි‍යෙන් මිරිකාගත් අතර ඇය උගුලකට අසුවූ මුවැත්තියක ‍ලෙස ඔහු ඉදිරි‍යේ අසරණ වූවාය” ‍ගොරහැඩි අතින් ‍පොලිස් ‍ලොක්කා අතමිරිකා‍ගෙන සිටියද ඇය එක්වරම අතදමා ගසා නිල කාමරයට පළාගි‍යේ ඊළගට නැවතත් කුමක් සිදු‍වේදැයි සිතාගැනීමට ‍නොහැකිවය”

‍මේ ‍පොලිස් නිලධාරිනි‍ය‍ගේ සැමියාද ‍පොලිස් නිලධාරි‍යෙකී” ඔහු ‍සේවය කරන්නේ ද ‍මේ අනංග ‍පොලිස් ‍ලොක්කා ‍සේවය කරන තැනමය” ‍පොලිස් අනංගයා කළ වැ‍ඩේ ගැන ඇය සිය සැමියාට කීවාය” ‍පොලිස් ‍සැමියාට ‍පොලිස් බිරිය‍ගේ කතාව අසා යකා නැග්ගේය” ‍මේ නිසා ‍පොලිස් ‍ලොක්කා‍ගේ කාමරයට ගිය ‍‍පොලිස් සැමියා සීරු‍වෙන් සිට සැලයුට් ක‍ළේය” සැලියුට් එක දමා ‍පොලිස් සැමියා ‍පොලිස් බිරිය ‍ගේ අත මිරිකීම ගැන අසා ඔහු ‍දොස් පවරා ඇත්තේ ‍හොද ලුණු ඇඹුල් සහිතවය” ‍‍කෙ‍සේ‍ වෙතත් ‍මේ ගැන ‍පොලිස් කාන්තාව ඉහළ නිලධාරීන්ටද පැමිණිලි කර ඇත’