ප්‍රියංකා ලිංගික ජාවාරමක් පවත්වාගෙන ගියාද?


පසුගියදා ඉන්දියානු පොලීසිය විසින් මුම්බායි නුවර වර්සෝවා ප්‍රදේශයේ ‘Vastu Precinct’ නම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ‘Charisma Spa’ රූපලාවණ්‍යාගාරය වටලා එහි ලිංගික ජාවාරමක යෙදුණැයි සැකපිට කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.


ඉන්පසුව වැඩිදුර සෝදිසි කිරීමෙන් පසුව මෙම ස්ථානය පවත්වාගෙන ගිය එහි කළමනාකරුවා වූ ‘දිනේෂ් චන්ද්‍රකාන්ත්’ නම් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් ඔහු මෙම ස්ථානයේ කළමනාකරු වුවද මෙම රූපලාවණ්‍යාගාරයේ සැබෑ හිමිකාරිනිය බොලිවුඩයේ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා බව ඉන්දියානු මාධ්‍ය වැඩිදුර අනාවරණය කරයි.


‘Vastu Precinct’ ගොඩනැගිල්ලේ මෙම සම්පූර්ණ මහල ප්‍රියංකා චොප්රාට අයත් බව පැවසෙන අතර, ඇගේ මව වන ‘මධූ චොප්රාට' අයත් වෛද්‍ය සායනයද මෙම රූපලාවණ්‍යාගාරය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇතැයි තහවුරු කරයි.

'Charisma Spa’  නැමැති රූපලාවණ්‍යාගාරය ආරම්භ කිරීමට ප්‍රියංකා ෙචාප්රා ගොඩනැගිල්ලේ කොටසක් කුලී පදනම යටතේ මනික් සෝනි නම් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට ඉන්දියානු පොලීසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇතත්, මේ වනතෙක් මනික් සෝනි සොයාගැනීමට පොලීසිය සමත් වී නැත. මෙම වැටලීමත් සමග ඔහුගේ අතුරුදන් වීමක් පිළිබඳව ඔහුගේ පවුලේ උදවිය විසින් පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

මෙම රූපාලාවණ්‍යාගාරය කුලී පදනමට ලබාදුන් බව කියවෙන සියලු ලියකියවිලි ඔහු භාරයේ ඇති නිසා මනික් සෝනි අත්අඩංගුවට ගත් පසු සියලු කරුණු කාරණා සොයා බලා ප්‍රියංකාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඉන්දීය පොලීසිය පවසයි.

මෙම වැටලීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ඉන්දියානු මාධ්‍ය ප්‍රියංකා සම්බන්ධ කරගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී ඇතැයි සඳහන් වෙයි.
මේ වනවිටත් මෙම වැටලීම සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, මනික් සෝනි අත්අඩංගුවට ගැනීමට ඉන්දියානු රහස් පොලීසියට බාර දී තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.


Comments