මිනිස්සු හූරන ලිෆ්ට් නවත්තන හොල්මනක් තැපෑලේ
තැපැල් මූලස්ථාන ගොඩනැගිලි සංකීර්ණයේ රාත්‍රී කාලයේ සේවයේ නියුතු වන්නන් හොල්මනක් නිසා භීතියට පත්ව තිඛෙනවා. කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථානයේ සහ තැපැල් සේවා අමාත්‍යංශයේ සේවය කරන්නන් දිවා කාලයේදී පවා තනි තනිව සැරි සැරීමට මැලි කමක් දක්වනවා. මීට හේතු වී ඇත්තේ පසුගිය දිනක රාත්‍රියේ තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතුව සිටි නිලධාරී මහතකුගේ සිරුර මෙම හොල්මන විසින් සූරා තිබීමය. අළුයම 2.30 පමණ මෙම ඔහු මෙම අත්දැකීමට මුහුණ දී ඇතැයි පැවසේ. මෙම භීතියට ආසන්නම හේතුව එය වුවද මීට පෙරද වෙනත් තැපැල් සේවකයින් කිහිප දෙනෙකුද මෙම හොල්මන දැක ඇතැයි පැවසේ. මෙම සිදුවීම වීමට පෙර දිනක අළුයම කාලයේ මීට ආසන්න වේලාවකදී මෙම ගොඩනැගිල්ලේ විදුලි සෝපානයද එකවරම ක්‍රියාවිරහත වීම සහ කිසිදු අලුත්වැඩියාවකින් තොරවම නැවත ක්‍රියාත්මක වීමද මෙම හොල්මන විසින් කරන ලද්දක් බව ආයතනය තුළ මේ දිනවල කතාබහට ලක්වන කරුණක් වී තිබේ.