අස්වර්ගේ දුරකථනයට
පාසල් සිසුන්ගෙන් කුණුහරුප ඇමතුම්

                                                                                                                              පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් අස්වර්ගේ ජංගම දුරකථනය පසුගිය දිනවල දිගින්දිගටම කුණුහරුපයෙන් බණින ඇමතුම් ලැබීම නිසා ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණා.උඹ කට ඇරියොත් පළාතම ගඳයි.. කට වහගෙන හිටු..පැනල දෙන්න හදන්න එපා..දැන් කඩේ ගියා ඇති..ආදී වශයෙන් බැණ වදිමින් එක් එක් අවස්ථාවල එක් එක් දුරකථන අංක වලින් මේ ඇමතුම් දී තිබුණ අතර මෙය සංවිධානාත්මකව පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් සිදු කරනු ලබන්නක් බවට සැක යයිද මන්ත්‍රීවරයා පොලිසියට දන්වා තිබුණා.

අනතුරුව දුරකථන සමාගම් හරහා ඇමතුම් දුන් පුද්ගලයින් හා ප්‍රදේශ පිළිබඳ
තොරතුරු අනාවරණය කරගන්නට පොලිසිය සමත්වූ අතර මේ සියලූ දෙනා පසුගිය දිනවල කලබලකාරී සිද්ධි වාර්තාවූ බේරුවල අලූත්ගම හා පානදුර ප්‍රදේශවල තරුණ පිරිසක් බවත් ඔවුන් කල්ලියට පස්දෙනෙකු ඇතුළත් බවත් සියල්ලන් මුස්ලිම් ජාතිකයින් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණා. මේ අය අතරින් ඇතැමෙකු මෑතක පාසල් හැරගිය අය බවත් ඇතැමෙකු තවමත් පාසල් යන සිසුන් බවත් වැඩිදුරටත් අනාවරණය වුණා.
පොලිසිය මොවුන් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තමන් වෙනුවෙන් කථාකිරීමට මන්ත්‍රීවරයා උනන්දු නොවීමත් ඔහුගේ විවේචන සහගත හැසිරීමත් නිසා මේ ආකාරයේ වැඩක් කරන්නට සිතුණ බව කියා තිබුණා. පොලිසිය ඔවුන්ට අවවාද කර පසුව මුදාහැර තිඛෙනවා.

Comments