මාධ්‍ය ප‍්‍රකාශක වරයෙක් නැතිනම් ලංකාවේ පොලීසිය නැත්තටම නැතිවෙලා යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ ඊයේ පැවති දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.
තම යුතුකම ආණ්ඩුව ආරක්‍ෂා කිරීම යයි කී ඔහු වහා එය නිවැරදි කරමින් කීවේ තම වගකීම රජය ආරක්‍ෂා කිරීම බවත් රජය යනු ජනතාව බවත්ය.
2014 වසරේ මේ දක්වා තමන්ට කාටූන් 176ක් ඇඳ ඇතැයිද කී ඒ මහතා ඊට තමන් කැමති බවත් ඒවා තමන් එකතු් කර ඇති බවත් කීවේය.
ශූර ලෙස සාකච්චාවට මුහුණ දුන් අජිත් රෝහණ මහතා මේ රැකියාවට වඩාත් කැමති බවත් කී අතර එහිදී තමන්ද මනුෂ්‍යයෙකු ලෙස මුහුණ දෙන තත්වය ගැනද විස්තර කලේය.
Comments