මාලක යළි රිමාන්ඩ්



බම්බලපිටිය රාත්‍රි සමාජ ශාලාවක බි්‍රතාන්‍ය ජාතිකයෙකුට පහරදී ඔහුගේ පෙම්වතියට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු සැකකරුවන් ලබන 28 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කරන තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

සැකකරුවන් සම්බන්ධයෙන් පැවත්වීමට නියමිත හඳුනාගැනීමේ පෙරට්‌ටුව එදිනට (28 දා) කැඳවන ලෙසද නියම කළ මහෙස්‌ත්‍රාත්වරයා ඒ සඳහා සාක්‌ෂිකරුවන්ට පෙනී සිටින ලෙස දන්වා යළි නොතිීසි නිකුත් කරන ලෙස ද වැඩිදුරටත් නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමි‚ල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තා ගොනු කළ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි ඩබ්ලිව්. චන්ද්‍රතිලක මහතා කරුණු දක්‌වමින් පැවැත්වීමට නියමිත හඳුනාගැනීමේ පෙරෙට්‌ටුව සඳහා පැමිණෙන ලෙසට දන්වා නිකුත් කළ නොතිසී සාක්‌ෂිකරුවන් වෙත ලබාදීමට කටයුතු යෙදූ බවත් නොපැමිණෙන බවට ඔවුන් මේ වන තෙක්‌ දැනුම් දීමක්‌ කර නැති බවත් කියා සිටියේය.

සාක්‌ෂිකාර විදේශ යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සවීන්ද්‍ර රොද්‍රිගෝ මහතා කරුණු දක්‌වමින් සාක්‌ෂිකරුවන් අධිකරණය වෙත පැමිණෙන බවට තමන්ට දන්වා තිබූ බව කියා සිටියේය.

මහෙස්‌ත්‍රාත්වරයා - සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරනවාද? පළමු සැකකරු ඉදිරිපත් කරන්නේ කොහේ සිටද?

බන්ධනාගාරය - සැකකරුවන් ආවරණ සහිතව ඉදිරිපත් කරනවා ස්‌වාමිනී - පළමු සැකකරුව කොළඹ ජාතික රෝහලේ සිට ඉදිරිපත් කරනවා.

මහෙස්‌ත්‍රාත්වරයා -පසුගිය දින (18 දා) සැකකරුව බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබියදී අධිකරණයට නොදන්වා යළි රෝහල් ගත කළේ කෙසේද (ඒ පිළිබඳව වාර්තාවක්‌ ගොනු කරන ලෙසට නියෝග කෙරු‚)

ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා - පෙරෙට්‌ටුවට අද දීලා තියෙන්නේ අවසන් දිනය. සාක්‌ෂිකරුවන් එන්නේ නැතිනම් පෙරට්‌ටුව අවලංගු කරන්න ස්‌වාමිනී.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සාක්‌ෂිකරුවන් විදේශ යුවළක්‌ බැවින්ද පළමු සැකකරුගේ හැසිරීම් ගැන වැඩිදුර වාර්තාවල ඇති පරිදි සාක්‌ෂිකරුවන්ට එල්ල වන බලපෑම් මත ඔවුන් නොපැමි‚යේද යන්න සැක මතුවන බැවින්ද පෙරට්‌ටුව සඳහා තවත් දිනයක්‌ ලබාදිය යුතු බවට තීරණය කරමින් ලබන 28 වැනිදා පෙරට්‌ටුව පැවැත්වීමට කටයුතු යොදන ලෙසත් එදිනට සාක්‌කිකාර යුවළට පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා - නොතීසි නොවේ වරෙන්තු නිකුත් කරන්න ස්‌වාමිනී....

මහෙස්‌ත්‍රාත්වරයා - නොතීසි කිරීම වරෙන්තු කිරීම අධිකරණයේ කටයුත්තක්‌.

සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරුවන් වන්නේ මාලක සිල්වා, රමේෂ් හිරාන් කුලතුංග, විස්‌කම් විමලරත්න, මනතුංග දේවගේ ප්‍රියන්ත උපසේන, ඛෙන්තර උඩුගම විඡේසේකර කෝරාලලාගේ දොන් තරිඳු රුක්‌ෂාන් විඡේසේකර, පොලිස්‌ සැරයන් වල්ගහමුලගෙදර සරත් චන්ද්‍රසිරි හා පොලිස්‌ කොස්‌තාපල් මුතුබඳිනගේ චමිල ඉන්දික කුමාරසිරි ප්‍රනාන්දු නමැති අයයි.

Comments