ගුවන් යානා අනතුරු පිටුපස පිටසක්වල ජීවින්?

පසුගිය කාලය පුරාවට ගුවන් යානා කිහිපයක්ම අනතුරට පත්වූ අතර හදිසියේ මෙලෙස ගුවන් යානා අනතුරට පත්වීමේ/අතුරුදන්වීමේ හේතුව පිලිබඳ මේ වනවිට ලොව පුරා ආන්දෝලනයට ලක්ව තිබේ. reason.com නම් වෙබ් අඩවිය සිදුකල සමීක්ෂණයකදී  ලොව පුරා වෙසෙන පාඨකයන්ගෙන් 5% අදහස් පලකොට තිබුනේ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය පිටසක්වල ජීවින් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි. 

ඇලෙක්සැන්ඩර් බ්රුස් විසින් ෆොර්බිඩන් Knowledge TV ඉදිරිපත් කල වාර්තාවේ දැක්වෙන්නේ MH 370 අතුරුදන් වීමට ප්‍රථම රේඩාර් තිරයේ හඳුනා නොගත් ඩොට් කිහිපයක් දැකගැනීමට හැකිවූ බවයි.
1970 වසරේදීද ගුවන් යානා කිහිපයක්ම දකුණු ඇමෙරිකාවේ ගුවන් සීමාවේදී අභිරහස් ලෙස අතුරුදන් වී තිබුණි. 

මේ වනවිට අනතුරට ලක්වූ ගුවන් යානා හා එහි ගමන් ගත් පිරිස් මෙසේය 
මැලේසියාවේ MH370 ගුවන් යානය ගුවන් මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්විය 
මැලේසියාවේ MH17 ගුවන් යානය මගීන් 298 ක් සමග කඩා වැටුණි. 
තායිවානයේ GE222 ගුවන් යානය මගීන් 48 දෙනෙකු සමග අනතුරට ලක්වුණි. 
ඇල්ජීරියාවේ AH5017 ගුවන් යානය මගීන් 110 ක් සමග අනතුරට ලක්විය. 

Comments