අතුරුගිරියේ නිවසක් බිඳ කාන්තාවකට අතවර කළ දෙදෙනෙකු අත්අඩංගුවට.
අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක් බිඳ එහි නිදා සිටි කාන්තාවකට ලිංගික අතවර කර මුදල් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල - හොරතොට ප්‍රදේශයේදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් 16 වන දා අලූයම් කාලයේදී මෙම පුද්ගලයින් විසින් මෙම නිවස බිද ඊට ඇතුලූ වී ඇති අතර එහිදී රුපියල් 17,500ක මුදලක් සොරාගෙන ඇිත බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. වයස අවුරුදු 25ක් සහ 22 වයස් සීමාවල පසුවන මෙම සැකකරුවන් අද (29) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Comments