ජනාධිපතිවරණ දිනය හෙළිවෙයි....
එළඹෙන ජනාධිපතිවරණය ලබන ජනවාරි 03 වනදා හෝ 07 වනදා යන දින දෙකෙන් එකකදී පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත අනාවරණය වේ.
මෙහිදී, රජය විසින් ජනවාරි 03 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි කැමැත්තක් දැක්වුවත් මැතිවරණ ලේකම් කාර්යාලය කැමැත්තක් දක්වා තිඛෙන්නේ ජනවාරි 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමටයි.
කෙසේවෙතත්, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ජනවාරි 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට ඉඩ කඩක් නොමැති බව අනාවරණය වේ.
මේ අතර, ජනවාරි 07 වනදා ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳවද අවධානය යොමුව ඇත.
මේ අනුව, අප වෙත හෙළි වන්නේ බොහෝ දුරට ජනවාරි 03 වනදා හෝ ජනවාරි 07 වනදා යන දින දෙකෙන් එකකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවයි.