මිතුරාගේ පෙම්වතිය දූෂණය කළ ශ‍්‍රී ලාංකිකයා ඩුබායි අධිකරණයේ.

සිය මිතුරාගේ පෙම්වතියගේ ගෙලට පිහියක් තබාගෙන දූෂණය කළ ශ‍්‍රී ලාංකික අරක්කැමියෙකු ඩුබායි රාජ්‍යයේ ජෙබල් අලි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි 4 වන දා මොවුන් සේවය කරන හෝටලයේ සේවක නවාතැන් කාමරයකදී මෙම සිද්ධිය ඇති වී තිබෙන බව සදහන්. මෙහිදී ශ‍්‍රී ලාංකික සේවකයාට චෝදනා එල්ල කර ඇත්තේ එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරන 23 බෙලෝරුසියානු කාන්තාවක්. දූෂණ චෝදනාවලට අමතරව මෙම ශ‍්‍රී ලාංකිකයාට නීතිවිරෝධී ලෙස මත්පැන් පානය කිරීමේ චෝදනාවක් ද එල්ල වී තිබෙනවා. මැදපෙරදිග අරාබි රටවල ප‍්‍රසිද්ධියේ මත්පැන් පානය තහනම්.


Comments